IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අවි බිම දමා යටත් වෙන්න - නෙදන්යාහු

අවි බිම දමා යටත් වන්නැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගෙන් ඉල්ලා ඇත.

“නුඹලාගේ අවසානයේ ආරම්භය දැන් උදා වී අවසන්. නුඹලට දිනන්න ලැබෙන්නේ නැහැ. නුඹල ට මැරෙන්න වෙනවා. පණ බේරාගෙන යටත් වෙන්න. අවි බිම දාන්න” යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු හමාස් සටන්කාමීන් අමතමින් පැහැදිලි කළේය.

හමාස් සංවිධානය ගාසා තීරයේ බලයේ සිටින්නේ 2017 වසරේ සිටය. හමාස් සංවිධානය, දේශපාලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය සමඟ සටන් වදින්නේ, හමාස් සන්නද්ධ අංශ සාමාජිකයන්ය.

පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් ඉතා සැලැසුම්සහගතව, දේශසීමා හරහා ඊශ්‍රායලයට ප්‍රහාර මාලාවක් එල්ල කළේය. හමාස් සටන්කාමීන් ‘මුලිනුපුටා’ දැමීමේ අරමුණින්, ඊශ්‍රායලය, ගාසා තීරයට පහරදීම ආරම්භ කළේ ඉන්පසුවය.

ප්‍රහාර ආරම්භ වී, මාස දෙකකට වැඩි කාලයක් ගත වී ඇති අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුට අනුව, හමාස් සටන්කාමීන් දැඩි පසුබැසීමකට ලක්වී සිටින බව පැවැසෙයි.

දිනපතා හමාස් සටන්කාමීන් පරාජය බාරගෙන, ඊශ්‍රායල හමුදාවට යටත් වෙනවා යැයි ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.



අදහස් (2)

අවි බිම දමා යටත් වෙන්න - නෙදන්යාහු

විචාරක Monday, 11 December 2023 01:25 PM

ඉස්ලාමීය ත්‍රස්තවාදය ‌කොයිතරම් සන්නද්ධද, බලවත්ද කියලා පේනවා. තවත් කිරි පෙව්වොත් කොහොමට හිටීද? දැං තැන්තැන්වල ඉඳන් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන අය මේ රටේ අහිංසක ජනතාවට එල්ටීටීඊ කොටියෝ ගහන කොට ඇඳන් යට හිටපු අහවල් වර්ගයේ එවුන්. යහපත් අරමුණක් නැති ආගමික අන්තවාදය පතුරුවන මේ සියලු ත්‍රස්ත මුස්ලිමුන් විනාශ කළ යුතුමයි. ඊශ්‍රායලය තරයේ සිටීම හොඳයි...

:       8       28

sumanasiriMonday, 11 December 2023 05:20 PM

පලස්තීනය ඊශ්‍රයලයෙන් බේරාගැනීමට දේශපාලන සටනක නියැලුණු යසර් අර්පත්ව සහ ඔහුගේ සංවිධානය විනාශ කිරීමට ඊශ්‍රයාලය විසින්ම නිෂ්පාදනය කරපු කණ්ඩායම තමා හමාස් කියන්නේ, ලංකාවේ කොටි හැදුවේ රජීව්ගාන්ධි අන්තිමට කොටි ඔහුව ඝාතනය කළා... ඊශ්‍රයාලය ලංකාවේ හමුදාවට ඩෝරා පුහුණු කරමින් එක වරායක අනිත් වරායේ කොටින්ට ඩෝරා විනාශ කරන තාක්ෂණය ඉගැන්නුවා. කෆීර් අපිට විකුණලා ඒවාට ගහන්න අවි රහසේ කොටින්ට විකුණුවා... ඒ ඔවුන්ගේ ඩබල් ගේම්...!

:       8       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 309 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site