වගාබිම් වලට අලි ඇතුන් පැනීම වැළැක්වීමට ඉදිකර තිබූ විදුලි වැටෙන් දක්ෂ ලෙස පනින ඇතින්නක ගත කිරීමට දකුණු අප්‍රිකාවේ ඡායාරූප ශිල්පියෙක් සමත් විය.
ඔහු එම ඡායාරූපයන් අන්තර්ජාලය වෙත එක්කර ඇති අතර ඒවා මේ දිනවල ඉතා ජනප්‍රියය.
අලි ඇතුන්ට අනෙක් සතුනට සාපේක්ෂව ඉහළ මතක තබා ගැනීමේ හැකියාවක් ඇති බව විශේෂඥයෝ කියති. මෙම ඇතින්න පළමු වර විදුලි වැටෙහි වැදී අමිහිරි අත්දැකීමක් ලබා ගන්නට ඇතැයිද නමුත් පසුව ඇය එයින් ගැලවී ගන්නේ කෙසේදැයි යන්න සොයාගන්නට ඇතැයිද ඔවුහු පවසති.
දකුණු අප්‍රිකාවේ බොහෝමයක් වනෝද්‍යාන වල සීමා ලකුණු කෙරෙන්නේ විදුලි වැට වලින් අතර ඒවායින් අලි ඇතුන් මෙන්ම අනෙක් වන ජීවීන් මිනිස් ජනාවාස වලට ඇතුළුවීම වළකයි.
නමුත් බළධාරීන් පවසන ආකාරයට අලි ඇතුන් දැන් වැට මගහැර යන ක්‍රම සොයාගෙන ඇති බවක් හදුනාගන්නට ඇති නිසා ඉදිරියේදී ඔවුන් ගම්වැදීම වැලැක්වීමට වෙනත් පියවර ගැනීමට සිදුවනු ඇතැයි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු අතර මොලේ වැඩියෙන්ම තියෙන සතා අලියා කියලා තමයි අපි පොඩි කාලේ අපිට ඉගැන්නුවේ (දී)
දවසේ හොඳම කොමන්ට් එක හුසේන්ගේ කොමන්ට් එක. (අ)
මේ විදුලි වැට මොන උසක්ද අප්පා. මොලේ තියෙන මුවෙකුටත් දුවගෙන ඇවිල්ලා මේ වැටට උඩින් පනින්න පුළුවන්නේ. (නදී)
පින්තුර නැති උනාට අපේ ලංකාවේ අලි විදුලි වැටට වේලිච්ච කොට දාලා පනිනවා (දිල්)
එහෙ අලින්ට නම් හොඳ මොලයක් තියෙනවා (දිල්)
ඇතින්නියක් පැන්නාට අලියෙකුට පනින්න අමාරුයි (අ)
අලියා මොලේ තියෙන සතෙක්. ඒකයි විනාස කරන එක අපරාධයක් වෙන්නේ.(නදී)
අලියට හොඳට මොලේ තියෙනවා.කරදරක් කරපු කෙනෙක්ව හොඳට මතක තියාගෙන ඉඳල හොඳට කල්යල් බලල පහර දෙනවා වරදින්නේ නැහැ.(අ)
අප්‍රිකවෙ යන්න ඔනෙ නෑ.. පුත්තලමෙ මදුරගම,4 කනුව,කරුවලගස් වැව, කල් අඩිය පත්තෙ වන අලි ඔයිට වඩා හොඳට වැටවල් පනිනවා.(අ)
අපේ අලි නම් කරන්නේ තමන්ගේ වැරදි අහුවෙයි කියල දැනෙද්දීම ආණ්ඩුවට පැනීමයි. (අ)
අපෙත් ඉන්නවා සුපිරි පොරවල් (දී)
කෝ අනේ ෆොටෝ? (නදී)
හරිම සංවේදියි. ගොඩක් හොද ලිපියක්.(නදී)
ලංකාවේ අලි නම් ඕකට කරන්නේ ලි කොටයක් ගෙනල්ල දාල විදුලි වැට කඩලා දන එකයි. (නදී)
ඔය විදිහට ගියොත් අලි ඔක්කොම පනී චන්දෙ ඉවර උන ගමන්..... (දී)
මිනිසා අලියට පරදී (දී)
අලියා කියන්නේ මොලේ තියෙන සතෙක් (දී)
අපේ අලි ටික වැටවල් පනින විදිහට ඔයපැනිලි මොනවද . (නදී)
දැන් අලින්ට විදුලි වැට දාල වැඩක් නැහැ වගෙයි (දී)
අලියා මොලේ තියෙන සතෙක්. ඇගේ තරමටම මොළෙත් තියෙනවා (දී)
අලියා මොලේ තියෙන සතෙක්. ඒකයි විනාස කරන එක අපරාධයක් වෙන්නේ (දී)
ෂා කොහොමද අලියට තිබෙන ගණදෙවි නුවණ දුර්ලභ චායාරුපයක්
දැන් යන විදිහට නම් ලගදීම අලි දිනයි වගේ.(නදී)
ඉස්සෙල්ලම ලංකාදීපෙට පින් සිද්ධ වෙන්ට ඕනා මේ තොරතුරු වලට. මේ අහිංසක සතුන්ගේ ලෝකේ මතුවටත් රැකේවා.(නදී)
වැට උස්සලා ගැහුවා නම් හරිනේ.(නදී)
..යාලුව කී දවසක් ඔය වැඩේකරන්නද..!කොයි වෙලාවෙ හරි කනව.! (අ)
නියමයි! (නදී)
ලංකාවේ සෙවනගල උක් වගාවට ගහල තිබුණු විදුලි වැටට ලී කොටයක් දාල කඩල අලි ඇතුළු වුනා කියල පුවතක් වරක් පලවෙලා තිබුනා මතකයි.(නදී)