2012 පෙබරවාරි මස 10 වැනිදා මියගිය ලෝක ප‍්‍රසිද්ධ ඇමෙරිකා ජාතික ගායිකාවක් වූ විට්නි හූස්ටන්ගේ එකම දියණියවූ වයස අවුරුදු 23ක් වයැසැති බොබී ක‍්‍රිස්ටිනා ඇගේ සහෝදරයාවූ නික් ගොර්ඩන් සමග පසුගිය සතියේ විවාහ ගිවිස ගත්තේය.
විට්නි හූස්ටන් විසින් හදා වඩා ගැනීමට ගන්නා ලද පිරිමි දරුවා වූ නික් ගොර්ඩන් කුඩා කළ සිටම ක‍්‍රිස්ටිනා සමග එක පවුලේ අයියා හා නැගණිය ලෙස උස් මහත් වුහ.
ඔවුනොවුන් අතර කිසිම විශේෂ වෙනසක් ඔවුහු නොදුටුහ. කාලයාගේ ඇවෑමෙන් ඔවුන් කවුරුන්ද? යන්න හඳුනා ගැනීමෙන් පසු ආදරයෙන් ඇලලී ගියේය.
විට්නි හූස්ටන් ජීවතුන් අතර සිටි අවසාන කාලයේදි ඒ බව ඇය දැනගත්තේ ඔහු තමාගේ එක කුස උපන් සහෝදරයකු නොවන බවයි.
අපි දෙදෙනා කුඩා කල සිට හැදුනේ වැඩුනේම එකටයි. අපි අපි ගැන හොදටම දන්නවා. අයියා සමග නංගි විවාහ වෙන බව සමාජය පැවසුවත් සත්‍යය අපි දන්නවා යැයි ඔවුහු කියති.
එසේ නමුදු අපහසු තීරණයක් වුවද මම ගොර්ඩන් සමග විවාහා වීමට තීරණය කළ බවත් එකම පවුලක් ලෙස නැවතත් අපි එකතු වූ බවත් ක‍්‍රිස්ටිනා විසින් මාධ්‍යයට ප‍්‍රකශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත වංශය බොරු කරන්න බැහැ (දී)
ආදරේ කරලා මෙරෙන්න වෙනවට වඩා හොදයි මෙහෙම හරි එකතු වෙන්න තියන එක ලංකාවෙත් මිට වැඩ ආදරේ කරන්න නිදහසක් දුන්නනම් හොදයි (දී)
ජීවිතේ ඔහොම තමා අනේ .බුදුන්ගේ ධර්මය සත්‍ය එයයි එක තවත් ඔප්පු වුණා.(දිල්)
බුදුරජානන් වහන්සේ දේශනා කළ ධර්මයේ සත්‍ය බව ඔප්පු වුන තවත් අවස්ථාවක්.(නදී)
කුපාඩි වඳුරු කුණුහරුප වැඩ උතුම් සංස්කෘතියක් ඇති සිංහල බෞද්ධ සමාජය හමුවේ සාධාරණීකරණය කරන තර්ක වලට මෙම තීරුව ඉඩ තැබීමෙන් වලකින ලෙස දන්වා සිටිමු. (නදී)
සහෝදර බැදීම කියන්නේ ජානවල සමානකම විතරක් නෙමේ. අධ්‍යාත්මික බැදීමත් තියෙනවා. බටහිර ලෝකේ එම අධ්‍යාත්මික බැදීම නැහැ.(නදී)
අයියයි නංගයි විවාහ වෙලා ඉන්නවා ලෝකේ ඕනේ තරම්. ඉතින් මොකක්ද වැරැද්ද? (නදී)
බුදු රජාණන් වහන්සේ අවුරුදු 2500 කට කලින් කියපු දේවල් අද ඇස් පනාපිට ඔප්පු වෙලා. චක්ක වත්ති සීහනාද සුත්‍රය අහපු කෙනෙක්ට ඒක හොඳටම තේරෙනවා.(නදී)
බුදු රජාණන් වහන්සේ එදා කියපු දේවල් අද ඇත්ත වේගෙන එනව. චක්කවත්ති සීහනාද සුත්‍රය අහපු කෙනෙක්ට මේ ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්. (අ)
ඉන්දියාවේ හරිම සුලබ දෙයක්. අම්ම .බදින පුතල ඉන්නවා (අ)
දමිල සංස්කෘතියේ පිරිමි කෙනෙක්ට පුළුවන් අක්කගේ හෝ නංගිගේ දුව විවාහ කර ගන්ට. (අ)
මේකේ ඇති වරදක් නම් පෙන්න නැහැ. එක ලේ නොවෙයි අනික දෙන්නට දෙන්නා හොදා කාරවම දන්නවනේ.(දිල්)
හිත ගිය තැන මාළිගාව.(නදී)
චික් විතරක්! අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (දී)
එයාලට හොද නම් අපිට මොකෝ (දී)
සිංහල ජාතිකයින් නම් මෙහෙම වැඩ කරන්නේ නැහැ (දී)
මේ ලිපියට අදාල නැති උනත් ලංකාවේ සිදුවන මීට බොහෝ සමාන නෑනා-මස්සිනා විවාහයන් ගැන මොකද හිතෙන්නේ...??? අපේ පවුල් වල සිදුවෙන කිට්ටුම විවාහයක් වන මේ විවාහය සිදුවන්නේත් දැඩි ආත්ම බන්ධනයක ප්‍රතිපලයක් ලෙස කියලයි මටනම් හිතෙන්නේ. එහෙම විවාහයන් කැඩෙන්නේ නැති තරම් කියලත් පැහැදිලියි. (දී)
මෙ ලගදි දුටුවා මවයි පුතයි විවාහ වෙලා මෙය එතරමි දෙයක් නොවෙයි (දී)
ලෝකේ නරකයි කියන හැම දේම හොදයි කියන සංස්කෘතියක් ලංකාවේද ඇත. එකම වෙනස අපි ඒ දේ කරන්නේ හොරටයි. අපි පුරුදු වෙලා ඉන්නේ මන් මේක කලොත් මිනිස්සු මොනවා හිතයිද කියන පදනමක් නැති තර්කෙන් හිතන්නයි. අසතුටින් මුළු ජීවිතේම එකට ඉදිමින් කසාදයක් රැකිම උසස් යයි කෝලිත කියන්නේ ඒකටයි.(නදී)
විට්නි හුස්ටන් කියන්නේ ලෝකේ හොදම කට හඬක් තිබුන කෙනෙක්. එයාගේ දුවටත් හොද කටහඩක් තියනවා. සුබ අනාගතයක්.(දිල්)
මේවා මොන කතාද , එක කුසීන් ඉපදිලා අය්යයි නංගියි (සිංහ සීවලී සිංහ බාහු ) එකතුවෙලා ජාතියක් බිහිකළ බව ආඩම්බරෙන් කියන ඉතිහාසයකට හිමිකම් කියන රටක නේද අපි ඉන්නේ ,.. අද වෙන සමහර දේ වලින් ඒ බව ඔප්පු වෙනවා .(දිල්)
එදා නැගුනු ආදර කැක්කුමට මගේ.. ජාති..ජාති..නුඹ මට වාසනා නගේ..(නදී)
මෙයාලට කසාදය හා දික්කසාදය කියන දෙකම කිසිම බරපතල කමක් නැති ක්‍රියාවක් විතරයි. ඉතින් මේවා ගැන කතාකරල වැඩක් නැහැ. මනුස්සකම, හැදියාව කියන දේවල් තිබුනොත් විතරක් සහෝදරකම තියේවි.නැත්නම් කොතනත් අහන්න වෙන්නේ ඔයවගේ කතන්දර විතරයි.(නදී)
පිට අය කොහොම කිව්වත් මෙහි කිසිම වරදක් නොපෙනේ. දෛවය එයයි.(නදී)