IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


අමරණීය වෙන්න සත්තු පිහිටට එති ?

වයසට යද්දි වඩාත් ශක්තිමත් හා ක්‍රියාශීලී වන සතුන් මෙන්ම කිසිදා මිය නොයන සතුන් ද දැනට මිහිතලයෙන් හමුවි ඇති බැවින් අමරණීයත්වයේ සිහිනය යම් දිනක සත්‍යයක් වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

ඔවුන් පෙන්වා දෙන්නේ මිරිදියේ වසන බහුපා ඇති සත්ත්වයෙක් අමරණීය සතකු ලෙස හඳුනාගෙන ඇති බවයි. අන්වීක්ෂයකින් නිරික්ෂණය කළ හැකි සිලින්ඩරාකාර සිරුරකින් සමන්විත මේ සත්ත්වයාට ග්‍රාහිකාවලින් පිරුණු මුඛයක් පිහිටා තිබේ. මේ සත්ත්වයා කිසි දිනෙක වයසට යාමේ ක්‍රියාවලියට හසු නොවන බව ද පර්යේෂකයන්ගේ මතයයි.

බහුසෛලීයතාවයෙන් යුක්ත මේ විශේෂය වයසට ගිය ද ‍වයස නොපෙනෙයි. එමෙන්ම මැරී යන බවක් ද නැත.

විද්‍යාඥයන් පවසන්නේ ක්ෂීරපායී විශේෂ 46ක්, පැලෑටි, දිලීර සහ ඇල්ගී , මිනිසා සහ කුරුල්ලන් ආදී සතුන් වයසට යාම පිළිබඳ පරීක්ෂණ කළ බවයි. මිනිසුන්, වෙනත් ක්ෂීරපායීන් හා කුරුල්ලන් වයසට යාමේ දී දුර්වල වුව ද ඉබ්බන් වයසට යද්දි වඩාත් ශක්තිමත් වන බව ද ඔවුන්ගේ නිගමනය වි ඇත.

දකුණු ඩෙන්මාර්ක සරසවියේ පරිනාම විද්‍යාව පිළිබඳ ජීව විද්‍යාඥයකු වූ ආචාර්ය ඔවන් ජොන්ස් පවසන්නේ වයසට යාම පිළිබඳ ව යළි සළකා බැලිය යුතු බවයි. වයසට යාම අවශ්‍යයෙන්ම සිදුවිය යුතුයැයි පිරිසක් සිතා සිටිය ද එය සිදු නොවන අවස්ථා ද තිබෙන බව හෙතෙම පවසයි. ඊට හොඳම උදාහරණයක් ලෙස ඔහු ගෙනහැර දක්වන්නේ ඉබ්බා වයසට යද්දී දක්වන ශක්තිමත් බවයි.

වයසට යාම පිළිබඳ පර්යේෂණයේ නිරත වූ ජොන්සන් මහතා ඇතුළු කණ්ඩයාම විශාල ඕක් ගසේ සිට මුහුදු පැලෑටි, වටපණුවන්, උකුස්සන්, සිංහයන් සහ බැබුන් ඇතුළු විශාල සතුන් ද අපෘෂ්ඨ වංශිකයන්, ක්ෂුද්‍ර ජීවීන් හා ඇල්ගී වර්ග ද පර්යේෂණ සඳහා යොදා ගෙන තිබේ. පර්යේෂක කණ්ඩායම පවසන්නේ මොවුන්ගේ විවිධත්වය විශාල සේම , ඉන් මියයන සංඛ්‍යාව හා ආකාරය ද පුදුම සහගත බවයි.

පිරිසිදු මිරිදියේ ජිවත් වන බහුපා සත්ත්වයා හෙවත් හයිඩ්‍රිලා විශෙෂය විනාශ වී යාම හෝ මිය යැම ඉතා අඩු අගයක් ගන්නා බව පෙනීගොස් ඇත. කෙසෛ් වෙතත් එම දත්ත පෙන්වාදෙන්නේ අනාගතයේ මිනිසාට අමරණීයත්වයට පත්ව සිටීමේ හෝ මිය යාම සියවස් ගණනාවක් කල් දැමීමට හෝ මේ සතුන්ගේ ජාන සැකස්ම හා සිරුරේ රසායනිකයන් මහෝපකාරී වනු ඇති බවයි.

 



අදහස් (28)

අමරණීය වෙන්න සත්තු පිහිටට එති ?

නලින් Friday, 13 December 2013 01:35 PM

මේ ලෝකයේ තියා විශ්වයේ කිසිම සතෙක් හෝ කිසිම දෙයක් අමරණිය නොවේ. මේ වෙලා තියන්නේ බටහිර විද්‍යාඥයන්ට වැරදීමක්. මේ ලෝකය විනාශ වෙලා ගිහින් නැවත හටගත්තත් තාමත් මරණයට පත් නොවී සසරේ දුක් විදින අනන්ත සත්වයින් මේ විශ්වය තුළ සිටිනවා . මේ විද්‍යාඥයින් දන්නා කාලයත් සමග එය ඔවුන්ට අමරණීය ලෙස පෙනෙනවා .මෙය හුදු මුලාවක්. වසර 300 ජිවත් වන ඉබ්බා ඔවුන්ට අරුමයක් උනාට නිරයේ කල්ප දහස් ගණන් දුක්විදින සත්වයෝ ඉන්නවා. ඒ වගේම බුදුවරයෙක් පහළවෙන කාලය දවසක් වගේ දන්නා දිව්‍ය ලෝකත් තිබෙනවා . නමුත් ඒවත් අමරණිය නැහැ . බටහිර විද්‍යාංඥයන් දන්නේ ඉතාම සුළු කාල රාමුවක වෙන සිද්දි දාමයක් පමණි . ඔය ඔවුන්ට අමරණිය හෝ සර්වබලදාරී මැවීමක් පමණි.(නදී)

:       0       1

දේවින්ද Friday, 13 December 2013 02:17 PM

මිරිදියේ සිට අනිත්‍ය බව මෙනෙහි කරමින් භාවනා වඩා රහත් පලයට පැමිණිලා.(නදී)

:       0       0

විජේ Friday, 13 December 2013 02:42 PM

උපදින සෑම සත්වයාම මරණයට පත්වේ.එය වෙනස් කල නොහැක. එසේ වී නමුත් ආයු කාලය දික්කර ගැනීමට යම් දෙයක් සොයා ගනු ඇත.(දේශපාලකයෝ ඇතුළුව)ඇති හැකි අය පමණක් එය භුක්ති විඳිනු ඇත. (නදී)

:       0       1

ප්‍රියන්ත Friday, 13 December 2013 03:34 PM

බුදුන් වදාළ සියල්ල සත්‍ය නම් ඉපදීම පසු පස මරණය පැමිණීම වැලැක්විය නොහැක. ඉපදුන කෙනෙක් නොමැරී සිටද නැත. සිටින්නේද නැත. (නදී)

:       0       0

ලසිත-කටාර් Saturday, 14 December 2013 02:47 PM

ආගම පැත්තකින් දාලා ස්වභාව ධර්මය ගැන ගැඹුරින් හිතද්දී හිතෙනවා පිස්සු කියලා. ඇත්තටම මිනිස්සු නොමැරී ජීවත් වෙන එක අවශ්‍යතත්වයක් කියල හිතන සුද්දන්ගේ මොලේ මොනවද තියෙන්නේ? (නදී)

:       0       0

රාජා,කුවෛට් . Friday, 13 December 2013 03:50 PM

අකිලගේ හා මෙන්ඩිස්ගේ අදහස් හරියටම හරි. (ස)

:       0       0

එරික් ජෝර්දාන් Saturday, 14 December 2013 03:07 PM

මෙම විද්‍යාඥයන් සොයාගෙන තිබෙන කරුණු පිළිබද විශ්වාස කරන්න අමාරුයි. මෙයාල ඇහැට නොපෙනෙන සතෙකුගේ මරණය පිළිබද දැන ගන්නේ කොහොමද. බුදු දහමේ හැටියට ලොව සියලු දේ අනිත්‍යයි. සමහර විට මේ සතුන්ගේ විඥානය මිය ගිහිල්ල අලුත් ව්ඥානයක් එම ශරීරයේම හටගන්නත් පුළුවන්.(නදී)

:       0       0

අනුර Friday, 13 December 2013 04:01 PM

උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ මරණයක් කොටා ඇත නළලේ.(නදී)

:       0       0

කුමාර් Sunday, 15 December 2013 01:41 PM

නලින්, ඔයා දේශනා කරන්නේ ගජබින් අලංකාරය වගෙයි.(නදී)

:       0       0

අජන්ත Friday, 13 December 2013 11:05 PM

අනේ කරුණාකර බුදුන්ට අපහාස නොකරන්න. උන් වහන්සේ දේශනා කලේ ජාති ජරා මරණ තොර ධර්මයක්. (නදී)

:       0       0

ඉසුරු Friday, 13 December 2013 05:38 PM

මේ සදහා වැයකරන මුදල් වලින් වෙනත් ඵලදායී යමක් කළහොත් හොඳ නැද්ද? (නි)

:       0       0

කිත්සිරි Friday, 13 December 2013 05:48 PM

සමහර අය නම් වැඩකරන්නේ මියයන්නේ නැහැ කියලා හිතාගෙන තමයි. මේ ලෝකයේ දාලා යන්නම නොහැකි තරමට අපිට මොනවාද තිබෙන්නේ? නිසි කලදී මිනිස්සු මියගියේ නැත්නම්, ජනගහණය අධික වෙලා එයින්ම මනුෂ්‍ය ප්‍රජාවම ලෝකයෙන් තුරන් වේවි. (නි)

:       0       0

කැළුම් Friday, 13 December 2013 08:53 AM

සියලු සත්වයෝම මරණයට පත්වෙති- බුදුරජාණන් වහන්සේ. (නි)

:       0       0

අකිල Friday, 13 December 2013 09:11 AM

ස්වභාව වධර්මය අවශ්‍ය ප්‍රමාණයට ආයුෂ ලබා දීලයි තිබෙන්නේ. ඊට වඩා ජීවත් වීම ප්‍රශ්න රැසකට හේතු වෙයි. (නි)

:       0       0

මෙන්ඩිස් Friday, 13 December 2013 09:17 AM

කිසිවක් සදාකාලික නැත. අසීමිත තණ්හාව වෙනුවෙන් තවත් ඩොලර් බිලියන ගණන් වියදම් කරමින් මිරිගුවක් හඹා යමු. (නි)

:       0       0

ප්‍රසාද් Friday, 13 December 2013 09:41 AM

උපදින සියලු සත්වයෝ මරණය උරුම කර සිටින්නෝය. ඉපදීම, වයසට යාම, ලෙඩවීම සහ මරණයට පත්වීම සියල්ලන්ටම පොදුය. (නි)

:       0       0

අමිත් Friday, 13 December 2013 06:12 PM

බෞද්ධයින් වශයෙන්, බුදු ඇසකින් හෝ ඥාණයකින් නොදුටු කිසිවක් මෙලොව නොමැත බව අපගේ මතයයි. වර්ථමාන තාරකා විද්‍යඥයින්ට අනුවද පෘථිවියට ද ආරම්භයක් හා අවසානයක් ඇතිබව පිලිගනී. එබැවින් මිහිපිට සිටින "අමරණීය සත්ත්වයින්" පිළිබඳ කතාකිරීම පරස්පරයි නේද? (නදී)

:       0       0

විජේ Friday, 13 December 2013 09:58 AM

අනේ මිනිස්සුන් නම් අමරණීය කරන්න එපා. එහෙම අමරණීය වුණොත් ලෝක විනාසය ඉතාමත්ම ඉක්මන් වේවි. අනෙක අපි බෞද්ධයො අමරණීය කිසිදෙයක් මේ ලෝකේ නැහැ. අනේ අපේ බුදුරජාණන් වහන්සේ අමරණීය වුණානම් මොනතරම් හොදද. උන්වහන්සේ පරිනිර්වාණය කළේ උන්වහන්සේව දකින්න තරම් අපි පින්කරලා නැති නිසා වෙන්න ඇති.(දිල්)

:       0       0

මිනිසෙක් Friday, 13 December 2013 10:11 AM

මිනිසාගේ ආයු කාලය විද්‍යාවෙන් කෙසේ දිගු කලත් එයටම එරෙහි වන මිනිසා ලෝකය විනාස කරයි. ලෝකයක් නැතිව මිනිසා කොතැන අමරණීය වෙන්නද? බුදු වදන් හැමදාටම එක වගේ වලංගුයි.(දිල්)

:       0       0

ඉන්දික Friday, 13 December 2013 06:20 PM

මෙන්ඩිස්, ඔයා හරි. මේවා සල්ලි හොයන්න කරන ප්‍රොජෙක්ට්ස්. අනිත් එක මම හිතන්නේ නැහැ ලෝකේ කිසිම කෙනෙක් අමරණීය වෙන්න ආසයි කියලා. ඉන්න ටිකේ අනිත් අයට කරදරයක් නොකර පර ලෝකෙට වැඩක් කරගෙන මැරිලා යන එක තමයි හොඳ.(නදී)

:       0       0

දර්ශනී Friday, 13 December 2013 11:17 AM

කෙටි කාලයක් පමණක් ජීවත්වී මිය යන විටත් මිනිසා මෙතරම් තණ්හා,ආසාවලින් පෙලෙනවානම් අමරණීයත්වයට ආවොත් කොහොමද?(නදී)

:       0       0

නන්දලාල් Sunday, 15 December 2013 06:06 PM

නලින්ගේ අදහසට මමත් එකගයි. එම සියළු දේවල් බුදු දහම තුළ මනාව විස්තර කර තියෙනවා. සමහර බටහිර අය ඕවා දන්නේ නැහැ. දැනගත්තත් පිළිගන්න කැමති නැහැ.(නදී)

:       0       0

කුමාර් Sunday, 15 December 2013 06:09 PM

එරික් සහෝදරයා, සත්තුන්න්ට ව්ඥානයක් නෑ, එයාලට තියෙන්නේ ප්‍රාණයක් ශරීරයක් මණයි. ආත්ත්මයක් ඇත්තේ මනුෂ්‍යයන්ට පමනයි.(නදී)

:       0       0

තිලිණ Friday, 13 December 2013 11:44 AM

මනුෂ්‍යාට පව් කිරීම නිසා මරණය නියතවේ. එහෙත් අමරණිය තත්වයට පත්වීමට ක්‍රමයක් ඇත. ආත්මය කිසිදා මිය නොයානු ඇත. ශරීරය දිරාපත්වේ. (නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 13 December 2013 12:13 PM

ජීවිතයක් නැති කර තව ජීවිතයක් අමරණීය කිරීම සදාචාරයට පටහැනියි, ඇයි මේ මිනිස්සු ස්වභාව ධර්මය වෙනස් කරන්නේ.(නදී)

:       0       0

උදරත් Friday, 13 December 2013 12:54 PM

ලෝකයේ වැඩිම කාලයක් ජීවත් වන සතා ඉබ්බා නේද? (නදී)

:       0       0

ප්‍රනාන්දු Friday, 13 December 2013 07:51 PM

මේ සතාට ඉතින් දෙයියන්ගේම පිහිටයි. දැන් ඉතින් මුව මරාගෙන කයි. (නදී)

:       0       0

අනුර කුමාර Sunday, 09 February 2025 12:50 PM

ගෝන්නු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1161 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 99 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 95 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1388 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1740 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2807 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1204 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1502 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site