ආසියාවේ අංක එකේ ධනවතා වන මුකේෂ් අම්බානීගේ පුතු අනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට්ගේ විවාහ මංගල උත්සවය ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන මුම්බායි නුවර පැවැත් වෙයි. ඒ, බොලිවුඞ් නළු නිළියන් සහ ජාත්‍යන්තර සුපිරි තරු පිරිවරාගනිමිනි.
මංගල උත්සවයට සමගාමීව, මුම්බායි නුවර සංගීත ප්‍රසංගයක් පැවැත්වුණු අතර, ඊට ලෝ සුපතල, තරුණ තරුණියන්ගේ ආදරය දිනූ බටහිර පොප් ගායක ජස්ටින් බීබර් ද එක් විය.
ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට, කැපී පෙනෙන සිදුවීම වූයේ, ජස්ටින් බීබර්ගේ ගායනය හෝ ගායනයේ යෙදෙමින ඔහු කළ අපූරු රංගනය නොව, ගායනය සහ රංගනය වෙනුවෙන් ඔහු අය කළ මුදලය.
ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, පැය කීපයක එම විශේෂ ප්‍රසංගයට සහභාගී වීමට ජස්ටින් බීබර් ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක මුදලක් අය කර ඇත.
30 හැවිරිදි ජස්ටින් ඩෲ බීබර්, කැනේඩියානු ගායකයෙකි. අද වනවිට ඔහු ලොව වඩාත් ජනප්‍රිය පොප් ගායකයාය. ගායකයකු පමණක් නොව, ඩස්ටින් බීබර් ගීත රචකයෙකු ද වෙයි. ජස්ටින් බීබර් විවාහ වී සිටින්නේ හේලි සමඟය.
බීබර්, මුම්බායි ප්‍රසංගයට සහභාගී වූයේ හේලි ඇගේ පළමු දරු ප්‍රසූතියට සූදානම් වෙද්දීය. බීබර්, ලෝක සංචාරයක නියැලෙමින් ප්‍රසංග මාලාවක් පවත්වයි. ඔහු මුම්බායි බලා ගියේ එම ප්‍රසංගය තාවකාලිකව අවලංගු කරමින් යැයි ද පැවැසෙයි.
වසරේ මහා විවාහ මංගල උත්සවය ලෙස ද සැලකෙන අනන්ත් අම්බානීග්ගේ සහ රධීකා මර්චන්ට් මංගල උත්සව ලබන ජූලි 14 දක්වා මුම්බායි නුවර, ‘ජියෝ වර්ල්ඞ්’ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙයි.
අනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට්ගේ පූර්ව විවාහ මංගල උත්සවය පසුගිය මාර්තු මාසයේ ඉන්දියාවේ ජම්නගර්හිදී පැවැත්වුණු අතර බොලිවුඞ් නළු නිළියන්ට අමතරව, ලොව කැපී පෙනෙන ප්‍රචල චරිත රැසක් ඊට සහභාගී වූහ.
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මෙන්ම මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රධානී බිල් ගේට්ස් ද විශේෂ ආරාධිත අමුත්තන් අතර වූහ.
(හින්දුස්ථානී ටයිම්ස්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අම්බානී මංගල උත්සවයට ජස්ටින් බීබර් ඇවිල්ලා
Hemantha Monday, 08 July 2024 01:43 PM
මුළු ඉන්දියාවටම වැසිකිලි පහසුකම් හදලා දෙන්න තිබුණා. ඉන්දියාවේ මම යන්නේ නැත්තේ, වැසිකිළි ගන්න උහුලන්න බැරි නිසා...
Samantha Monday, 08 July 2024 02:10 PM
හේමන්ත නොගියාට මොකද? ලෝක ප්‍රකට අය ඔය අපූරුවට ඇවිත් තියෙන්නේ. හේමන්ත කියන්නේ කවුද?
AmaraMonday, 08 July 2024 06:27 PM
ඉන්දියාව වේගෙන් දියුණුවෙනවා. ඒක හිතාගන්න බෑ දැන්. ඔලුවට ඇවිත් තියෙන පරණ විකාර පැත්තකට දාන්න
Upul Attanayake Monday, 08 July 2024 02:42 PM
හේමන්ත කියන්නේ රූම් එකක් බුක් කරගන්න සල්ලි නැති, ඉන්දියා ගිහින් පේමන්ට් එකේ අසූචි කරලා ඒක ඉන්දියන් කාරයින්ට අයින් කරන්න කියන අරගල කාරයෙක්... දැන් සැපද?
Kumara Monday, 08 July 2024 11:29 PM
එතකොට හේමන්ත ජප්පෙක්ද ?
අපකීර්ති වර්ණකුලසූරිය Tuesday, 09 July 2024 02:43 AM
හොදින් හො නරකින්, වෙඩිමෙ සල්ලි හම්බ කරලා තියෙන්නෙ අම්බානීලා නේද? නැතුව ඉන්දියවේ රජයෙන් නෙවේ නේ? හරි හෝ වැරදි, එකට කොච්චර වියදම් කරනවද, ගෙන්නන්නෙ කව්ද නැද්ද කියන එක තීරණය කරන්නේ සල්ලි වියදම් කරන එකා නේද? අපිට මොකද්ද තියෙන අයිතිය එ සල්ලි වලින් වැසිකිළි හදන්න කියන්න? වැසිකිළි හදන්න ඔ්නෙම නම් ඔබ හො ඔබේ ළමයි විවාහ වෙන දවසට එ සල්ලි වලින් විවාහ මංගල නොගෙන වැසිකිළි ටිකක් හදල දෙන්න.
Bamunuarachchi Tuesday, 09 July 2024 04:46 AM
ඉතින් දෙවියනේ අපිට මොකෝ. අපේ දිගින්ද හරහින්ද? ගෝඨාභයගේ සම්බන්ධයක් නැහැනේ. තිබුණා නම් අන්න ජෙප්පන්ට් මරු.