ගණිකා පහස ලබන පුද්ගලයින් හටත් දඩ පැනවීමට ප්‍රංශය සැරසේ.
මේ සදහා වන නීතිය දැනට සම්පාදනය කෙරෙමින් පවතින අතර පාර්ලිමෙන්තුවේ බහුතර කැමැත්තද ඊට ලැබී ඇත.
මෙම නීතිය ආධාරයෙන් ප්‍රංශයේ ගණිකා වෘත්තිය දඩමිීමා කරගෙන කි්‍රයාත්මක වන අපරාධකරුවන්,ගණිකාවන් සපයන්නන් ආදීන් මැඩීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.ගණිකා වෘත්තිය ප්‍රංශයේ නීත්‍යා නුකූල වන අතර ළමා ගණිකා වෘත්තිය,මුදලට ගණිකාවන් සැපයීමේ ව්‍යාපාර ආදිය තහනම්ය.
ප්‍රංශය මෙම නීතිය හදුන්වාදීමට සැරසෙන්නේ ස්වීඩනය ආදර්ශයට ගෙන බව සදහන්ය. 1999 වසරේදී ස්වීඩනය හඳුන්වාදුන් මෙවැනිම නීතියකින් ගණිකාවන්ට අයුතු බලපෑම් එල්ල වීම නතර වුනා පමණක් නොව ස්වීඩනයේ ගණිකාවන්ගේ ප්‍රමාණය හරි අඩකින්ම පාහේ පහළ ගිය බව විමර්ෂකයින් පවසයි.
ප්‍රංශය හදුන්වාදීමට යන මෙම නව නීතියට යහපත් හා අයහපත් ප්‍රතිචාර දෙවර්ගයම ලැබී තිඛෙන අතර අයහපත් ප්‍රතිචාර දක්වනුන් පෙන්වා දෙන ප්‍රධාන කරුණ වනුයේ මෙවන් නීතියක් කි්‍රයාත්මක කළහොත් ගණිකා වෘත්තිය හොර රහසේ සිදුවන්නක් බවට යළිත් පත්වනු ඇතැයිද ඒ ඔස්සේ විවිධ සමාජ ගැටලූ ඇතිවනු ඇතැයිද යන්නයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ .... මේ ප්‍රංශයෙනේ. (ස)
සාරම්, ප්‍රවේශමෙන් හොදේ ... දඩය යුරෝ කියයිද දන්නෙ නැහැ. (නි)
ඵලයට වඩා හොඳ නැද්ද හේතුව නැති කළා නම්? (නි)
අයියෝ! (නි)
හා ! හා! ඩේවිඩ් කැමරන්ට ඇහෙයි. බලාගෙන. (නි)
මමත් ටික කලක් ප්‍රංශයේ හිටියා,පැරිස් නගරය ආසන්නව තියනවා බුලෝන්(බගතලේ )කියලා තැනක්.ප්‍රංශයට යන කෙනෙක් අනිවාර්යයෙන්ම යන්න එතනට (නි)
මොකක්ද දැන් ලංකාවේ තත්ත්වය? (නි)
ලෝකයේ දුප්පත්කම නැතිකළත් අර ඉපැරණි වෘත්තීය නැති වන්නේ නැහැ. (නි)
මේකෙන් වෙන්නේ ඉඳහිට අපට තිබ්බ සැනසිම නැති වෙන එකනේ. මම නම් විරුද්ධයි මේකට (ස)
හරි වැඩේ දැන් මොකද කරන්නේ? (නදී)
මර්වින් බුලෝන් (බගතලේ ) වලට දැන් න ගිහින් වෙඩක් නැහැ. ඒවා වහලා.(නදී)
මෙම නීතිය සම්මත වුණොත් බොහෝ දෙනෙකුට ප්‍රවේශම් වෙන්න වෙනවා (නි)
ප්‍රංශයේ තහනම් කළා නම් අපි මෙහෙ නීතිගත කරමු. කවුරු හරි විරුද්ධ වුණොත් කියමු අර කැසිනෝ ප්‍රශ්නෙදි වගේ සංචාරකයන් ගෙන්න ගන්න එහෙම කළා කියලා (නි)
මේක කවදාවත් නැති වෙන එකක් නෙමේ. මිනිස්සු සොබා දහමට විරුද්ධව වැඩ කරන්නේ සොබා දහම වර්ගය බෝ කරන්න හැගීම් ලබා දෙන කොට සම හරකුන් ඒවා පිට කිරීමට අහිංසක ළමුන් භාවිතා කරනවා. අහිංසක ළමුන් ටික බේර ගන්න ඕනනම් මේක නීති ගත කරලා හැගීම් පාලනය කරගන්න ඕන. බුදු හාමුදුරුවෝ බුදු උනේ කම් සැප ඔක්කොම විදවලා. ඒකේ අනිත්‍ය ගැන දැනගෙන කම් සැප විදලා නැති මිනිසුන් බුදු සසුනට ඇතුලු වුනම හැගීම් පාලනය කර ගන්න බැරුව උදෙට මල්වට්ටියත් අරන් එන අහිංසක තුනේ පන්තියේ ගැහැණු ළමයව දුෂණය කරනවා. මේක බුදු හාමුදුරුවන්ගේ කාලේ පටන් තිබ්බ ලෝකේ පැරණිම රස්සාවක්. මේ රස්සාව හේතුවක් උන ඈත අතීතයේ සමාජයේ විනයක් ඇති කරන්න අම්ම රට ගියාම තාත්තට හැඟීම පාලනය කරගන්න බැරුව තමන්ගේ චුටි දුව දුෂණය කරනවා. තාත්තට හැඟීම් පිට කර ගන්න තැනක් තියෙනව නම් දුගේ අනාගතය බේරනවා. මේවට බණ දේශනා කරලා හරියන්නේ නැ. ගණිකා වෘත්තියට විරුද්ධ වෙන මහතුන්ගෙන් ඉල්ලලා සිටින්නේ අපේ අහිංසක ළමුන් ටික බේරලා දෙන වැඩ පිළිවෙලක් එහෙනම් මහතුනේ ඔබ ඉදිරිපත් කරන්න. ප්‍රායෝගික වැඩ පිළිවෙලක්. ඒක ක්‍රියාවෙනුත් ඔප්පු කල යුතුවේ. (ස)
ගාල්ලේ හිෂාන් "අම්ම රට ගියාම තාත්තට හැඟීම පාලනය කරගන්න බැරුව තමන්ගේ චුටි දුව දුෂණය කරනවා" අම්මා මැරුණත් මේ ටිකම කරනවද? තමන්ගේම ළමයා දූෂණය කිරීම කොහොම කලත්, මොන තත්වය යටතේ කලත්, අනුමත කරන්න බැහැ. (ස)