හෝමූස් විවෘත නොකරන්නේ නම් ඉරානයේ බලශක්ති පද්ධති සහ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් දිගට හරහට ප්‍රහාර එල්ල කරනවා යැයි ට්‍රම්ප් අවසන් නිවේදනයක් නිකුත් කළේ පළමුවෙන් ඉරානයට පැය 48 ක් කළ් දෙමිනි.

දැන් සාකච්ඡා පැවැත්වෙන බැවින්, එම පැය 48, අප්‍රේල් 6 තෙක් කල් දැමීමට ට්‍රම්ප් පියවර ගෙන ඇත. ට්‍රම්ප් මෙසේ කල් මරන්නේ ඉරානයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට යැයි දේශපාලන විශ්ලේසෂකයන්ගේ අදහස වී තිබේ.

සාකච්ඡා සඳහා යහපත් ප්‍රතිචාරයක් දැක්වීමක් වශයෙන් ඉරානය, තෙල් නැව් 10 කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට අවසර දුන් බව ට්‍රම්ප් මාධ්‍ය පවසා ඇත.

මෙය ඇමෙරිකාවට ලැබුණු විශාල තෑග්ගක් යැයි ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත. තමන් අවංක සහ ස්ථාවර බව පෙන්වීම සඳහා තෙල් නැව් 8 කට අවසර ලබා දෙන බව ඉරානය මුලින් ප්‍රකාශ කළද, අවසානයේදී එය තෙල් නැව් 10 ක් වූයේ යැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත.