පුතුගේ පෙම්වතිය හා නොදැන හාද වීමට ගිය පියෙකු ගැන ඉතාලියෙන් වාර්තා වේ.ඔහු 70 හැවිරිදි එක් දරු පියෙකි.බිරිද නැති අඩුව මකා ගැනීමට කාන්තාවක හා හාදකම් පැවැත්වීමට සිතීය.පිහිටට ආවේ අන්තර්ජාලයයි.
වෙබ් අඩවියකින් තරුණියක් හදුනාගැනීමට ඔහුට හැකි විය.කතා බස් කොට අවසානයේ දෙදෙන තිීරණය කළේ හමුවීමටය.
ඇය ඔහුගේ නිවසට පැමිණියාය.නිවසේ දොර හැර බැලූ ඔහුගේ දෙලොව රත්විය.ඔහු ආල වදන් දොඩා ඇත්තේ තම පුත‍්‍රයාගේ පෙම්වතිය සමගය.
ඇයටත් තමන් හා දොඩා ඇත්තේ තම අනාගත මාමණ්ඩිය යැයි තේරුම් ගොස් ඇත්තේ එවිටය.දෙදෙනම ලැජ්ජාවෙන් එකිනෙකාට සමුදුන්හ.
මේ බව පුතාට කියන්නේදැයි ඔහුගේ සිත පෙළීය.අවසානයේ වෙනත් පිරිමින් හා සබදතා පැවැත්වීමට පෙළෙඹෙන තරුණියක් තම පුතාට කොහෙත්ම නොගැලපෙන බව සිතූ ඔහු සියල්ල ඔහු හමුවේ එළි කළේය.
පුතා සියල්ල තේරුම් ගනු ඇතැයි ඔහු සිතුවත් සිදුවූයේ අනෙකකි.තමාට අපහාස වන පරිදි තම පියා හැසිරී ඇතැයි කියා දැන් පුතා අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇත.
දෙපක්ෂය සාමදාන කරවීමට විනිසුරු උත්සාහ කළත් එයින් ඵලක් වී නොමැත.දෙදෙනාට එකිනෙකා තේරුම් ගැනීමට තවත් අවස්ථාවක් දීමේ අරමුණින් ඔහු නඩුව කල් දමා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංජය , වයසක අයට තමයි ආදරේ ගොඩක්ම අවශ්‍ය වෙන්නේ . ඒ වගේම ආදරය හොඳින් අඳුනන්නේ. ඔය කතා කරන්නේ ආදරය ගැන නෙවෙයි. ලිංගිකත්වය ගැන. මේ කතාවේ හැටියට එයාගේ බිරිඳ නැහැ. නඩු මාර්ගයට ඇදල ගන්න තරම් ගුණමකු වෙච්ච පුතෙක් ඉන්නේ. එයාගෙන් කවදාවත් ආදරයක් ලැබුන කියල හිතන්න බැහැ. ජීවිතේ අවසාන කාලේදී එයත් ආදරයක් බලාපොරොත්තු වෙන්න ඇති. අන්තර් ජාලයෙන් පිරිමි කෙනෙක් හොයාගත්ත නම් එයා සමලිංගිකයෙක් කියල අපවාද එන්න තිබුනා. ගැහැණු කෙනෙකුගෙන් ආදරයක් බලාපොරොත්තු උන හින්දයි ඔයා නාකි විසේ කියන්නේ.(නදී)
ඇම්බිලපිටියේ මහෙදර, ඔබලා වැන්නන් මේ රටට වැඩි වැඩියෙන් අවශ්‍ය වන යුගයක් මේක. අපගේ අවංක ගෞරවය ඔබට. (අ)
මේවා අද සාමන්‍ය දේවල්. අන්තර් ජාලය හරහා ආදර වදන් පවසා අවසානයේ හමුවෙන්නේ එක්කෝ ස්වාමි පුරුෂයාට බිරිඳ. පියාට තමන්ගේ දුව. මවට තමන්ගේ පුතා . අයියට තමන්ගේ නංගි.(නදී)
ධම්ම, ඒක අන්තර්ජංජාල වෙන්න ඕනේ.(නදී)
අන්තර්ජාල ජංජාල! (නදී)
මේක හරියටම ලංකාවේ දේශපාලකයින්ගේ කතාවක් වගෙයි , (දී)
නාකි විසේ තමයි ඉතින් ..... (දී)