IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපට පහර දෙන ඕනෑම රටකට පෙරළා පහර දෙනවා

තම රටට එරෙහිව ප‍්‍රහාරයක් එල්ල කරන  ඕනෑම විදේශයකට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට පැකිලෙන්නේ නැතැයි ඉරාන විප්ලවීය හමුදාව අනතුරු අඟවයි. ඉරාන විප්ලවීය හමුදා ආඥාපති හුසේනි සලාමී එම අනතුරු ඇඟවීමක් කළේ, ඉදිරි මාස කිහිපයේදී ඊශ‍්‍රායලය නිසැකවම ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කරාවි යැයි ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා කළ ප‍්‍රකාශයකට පිළිතුරු දෙමිනි. ඉරානය තම හමුදා ශක්තිය ලෝකයට ප‍්‍රදර්ශනය කිරීමේ අරමුණින් මේවනවිට ගොඩබිම් යුද අභ්‍යාසයක් ද ආරම්භ කර තිබේ. දින කීපයක් තිස්සේ පැවැත්වෙන එම යුද අභ්‍යාසයට ඉරාන විප්ලවීය හමුදා සෙබළුන් ද සහභාගී වන බව ඉරාන පුවත් සේවා වාර්තා කර තිබේ. යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ තෙහෙරාන් අගනුවරට කිලෝ මීටර් 1,200 ක් දුරිනි. ඉරානය මීට පෙර හෝමූස් සමුද්‍ර සන්ධියේදී පැවැත් වූ නාවික අභ්‍යාසය ඇමෙරිකාව, ඊශ‍්‍රායලය ඇතුළු බටහිර රටවල දැඩි විරෝධයට හේතුවක් විය. ඉරානය එම නාවික යුද අභ්‍යාස පැවැත්වූයේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් එල්ල වන තර්ජන ගර්ජන හමුවේ තමන්ට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ලෝක තෙල් සැපැයුමට බාධා එල්ල කළ හැකි යැයි පෙන්වීමටය. ඉරානය ඇමෙරිකාව සහ බටහිර ලෝකයේ උදහසට ලක්වී සිටින්නේ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙනි. ඉරානය තරයේ කියා සිටින්නේ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන රටේ බලශක්ති අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින් කි‍්‍රයාත්මක බවය. එහෙත් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර ලෝක බලවතුන් පවසන්නේ ඉරානය හොර රහසේ පරමාණු බෝම්බ නිපදවන බවය. ඇමෙරිකාවේ හිතවතකු වන ඊශ‍්‍රායලය පවසන්නේ ඉරානය ලොව තර්ජනයක් වී ඇති බවත් ඉරානය මට්ටු කිරීමට ඉරානයට පහර දීමක් කළ යුතු බවත්ය. කලාපීය වශයෙන් ඊශ‍්‍රායලයට එල්ල විය හැකි තර්ජන සැලකිල්ලට ගනිමින් රජයේ ආරක්ෂක වියදම් වැඩි කිරීමට ද ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු තීරණය කර ඇත. එම තීරණය ගනු ලැබුවේ අගමැති නෙදන්යාහූගේ ප‍්‍රධාx නත්වයෙන් පෙරේදා (4) පැවැති කැබිනට් හමුවේදීය. මීට අමතරව අගමැති නෙදන්යාහු ලබන මාසයේදී ඇමෙරිකාවේ සංචාරයක යෙදීමට නියමිත බවත් එහිදී ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා හමුවී ඉරාන අර්බුදය ගැන සාකච්ඡුා පවත්වනු ඇති බවත් ඊශ‍්‍රායල රජය පවසයි. න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඉරානය හුදෙකලා කිරීමට ඇමෙරිකාව උත්සාහ ගනී. ඔවුන් ඉරානයට තෙල් අපනයන සම්බාධක සහ ආර්ථික සම්බාධක පැනැවීමට කටයුතු කර ඇත්තේ ද එහෙයිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ වනවිට ඉරානයට එරෙහිව අවස්ථා හතරකදී සම්බාධක පනවා තිබේ.



අදහස් (0)

අපට පහර දෙන ඕනෑම රටකට පෙරළා පහර දෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site