තම සැමියාගේ අනියම් සම්බන්ධයක් ගැන ආරංචි වූ බිරිඳ ඔහුගෙන් වෙන්වීම ප‍්‍රකාශ කිරීමට අපූරු ක‍්‍රමයක් අනුගමනය කළේය. ඔහු නිතර යන අවන් හලේ ඉදිරිපස ‘පෝල් මම ඔබ දික්කසාද කරනවා’ යනුවෙන් සටහන් කර ඔහුට දැකීමට සැලැස්විණි.

මෙයින් ලැජ්ජාවට පත් පෝල් එසේ නොකරන ලෙස ඇයට ආයාචනය කර ඇත. නමුත් එයින් කෝපයට පත් ඇය නැවත ගොස් අවන් හල ඉදිරිපිට ‘ඒ විතරක් නෙමෙයි පෝල් මම බල්ලන් දෙන්නෙකුත් ඇති කරනවා’ යනුවෙන්ද සටහනක් තබා ඇත.

මෙමගින් සැමටම ඔහුගේ චපල කි‍්‍රයාව හා තමන්ට කළ අසාධාරණය දැන්වීම ඇයගේ අරමුණ විය. අවට සිටින සැම දෙනාම මොවුන් දෙදෙනාගේ විවාහය පමණක් නොව ඔවුන් මුණ ගැසුණ විදිය පවා දනිති. ඒ නිසා සිද්ධිය දැන ගත් සැවොම ඇයට උපකාර කළහ.

මෙසේ අනියම් සබඳතා පවත්වන සෑම කෙනෙකුටම මෙය කදිම අවවාදයක් බව ඔවුන්ගේ අදහසයි.