අන්තර්ජාලය ඔස්සේ කුඩා ළමයින් මුදලට විකිණීමේ යෙදී සිටි සංවිධාන කිහිපයක් වටලා 1094 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් ඔවුන් විකිණීමට සූදානම් කර සිටි කුඩා දරුවන් 382කු තමන් භාරයට ගැනීමටත් චීන පොලිස් නිලධාරීහු සමත්වූහ.
මෙම සංවිධානය දරුකමට දරුවන් ලබා දෙන්නේයැයි මුවාවෙන් අන්තර්ජාලයේ ප්‍රකට වෙබ් අඩිවි ඔස්සේ දරුවන් මුදලට විකුණා ඇතැයි හෙළිව තිබේ.
චීනයේ කි්‍රයාත්මක එක් පවුලකට එක් දරුවෙක් යන නීතිය නිසා බොහෝ දෙමව්පියන් තමන්ට උපදින තවත් දරුවෙකු වේ නම් එම දරුවා දරුකමට හදා වඩා ගැනීමට වෙනත් පවුලකට දෙන තත්ත්වයක් චීනයේ වේ.මෙසේ කරනුයේ බළධාරීන්ට හසුවුවහොත් දරුවන් එක් අයෙකුට වඩා සිටීමේ වරදට විශාල දඩමුදලක් ගෙවීමට ඔවුනට සිදුවන බැවිනි.
නමුත් දුප්පත්කම නිසා ඇතැම් දෙමව්පියන් නිකන්ම දරුවන් දරුකමට හදාවඩා ගැනීමට දෙනවාට වඩා මුදලට විකිණීමට පෙළඹිී සිටන බව චීන බළධාරීන් කියයි.මෙවැනි අවස්ථා වලින් ප්‍රයෝජන ගැනීමට සැරසී සිටින්නේ මෙවන් ජාවාරම්කරුවන් යැයි ඔවුන් පවසයි.
දෙමව්පියන්ට සුලූ මුදල් ප්‍රමාණයක් දී දරුවන් ලබා ගන්නා ඔවුන් පසුව විශාල මුදලකට එම දරුවන් වෙනත් පුද්ගලයින්ට විකිණීමේ යෙදේ.මෙවන් කටයුතු වල යෙදෙන්නන්ට දැඩි දඩුවම් පැමිණවිය හැකි ලෙසට නීති සකස් වී තිඛෙතත් එකවර විශාල මුදල් ප්‍රමාණයක් ලබාගත හැකි හෙයින් ජාවාරම්කරුවන් ඒවා නොසළක තත්ත්වයක් උද්ගතවී ඇතැයිි බළධාරීන් කියයි.
ඇතැම් අවස්ථා වල මෙම සංවිධාන වල සාමාජිකයින් හෙදියන්, ආවතේවකරුවන්, රියැදුරන් ලෙස පෙනී සිටිමින් කුඩා දරුවන් පැහැරගන්නා බවද සදහන්ය.වාර්තා වලට අනුව එසේ පැහැරගැනීමට ලක්ව ඇති දරුවන් අතුරින් බහුතරය පිරිමි දරුවන් වේ.මේ තත්ත්වය විග්‍රහ කරනා විශේෂඥයින් පෙන්වා දෙන්නේ චීන සමාජයේ බහුතරය පිරිමි දරුවන් යනු පවුලකට වාසනාව ගෙන දෙන්නන් යැයි විශ්වාස කිරීම මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුව වී තිඛෙන බවයි.
මෙවන් සංවිධාන හා පුද්ගලයින්ට වැඩබැදීමට තවත් නීති හදුන්වාදීමට චීන බළධරයින් කටයුතු කරමින් සිටී.තවද එක් පවුලකට එක් දරුවෙක් යන නීතිය ලිහිල් කිරීමටද චීන රජය සැරසෙමින් සිටින බව සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් හොදයි. පුංචි පවුල රත්තරන් කියල අපෙත් ඔය ටිකම කරලා තමා සිංහලයා සුළු ජාතියක් බවට පත් වෙමින් යන්නේ. සිංහලයෝ දැන් වත් මේක තේරුම් ගත යුතුයි.(නදී)