තම ආදරය පතා එන පුද්ගලයින් හට පොලිස් වාර්තා ගොනු වී ඇත්දැයි සොයාබැලීමේ අයිතිය බ්‍රිතාන්‍යය කාන්තාවන්ට නුදුරේදීම ලැබීමට නියමිතය.
මෙම නීතිය සම්පාදනය කිරීමට මුල්වී ඇත්තේ පසුගිය වසරේ ෆේස්බුක් පෙමක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ කාන්තාවක් හා සම්බන්ධ සිදුවීමකි.මරණයෙන් පසු එම කාන්තාවගේ පවුලේ හිතවතුන් ඇයගේ පෙම්වතාව සිටි පුද්ගලයාගේ යටගිය තොරතුරු හාරා අවුස්සා බැලු කළ හෙළිව තිඛෙන්නේ ඔහු මීට පෙර කාන්තාවන්ට අතවර කිරීම සම්බන්ධයෙන් නිීතිය හමුවේ දඩුවම් විද ඇත්තෙක් බවයි.
මෙම සිදුවීම මුල් කරගෙන කාන්තාවන්ට නව පෙම්වතුන් හා සබදතා ඇති කර ගැනීමට පෙර ඔවුන්ට පොලිස් වාර්තාවක් ඇත්දැයි සොයාබැලීමට අවසරය ලබා ගැනීම අරමුණින් මිය ගිය කාන්තාවගේ පියා ඇතුලූ පවුලේ හිතවතුන් සමාජය දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.
ඔවුන්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට එකී අවසරය ලබා දෙන නීතිය මේ වන විට සම්පාදනය කෙරෙමින් පවතින අතර ලබන වසරේ මාර්තු මස සිට එය ක්‍රියාවට නැංවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන් ගැන පොලිස් වාර්තාවක් පිරිමින්ටත් ලබා ගන්න පුලුවන් නම් හොදයි, අපේ රටටත් මේක ගැළපෙනවා (නි)
අපේ ලංකාවේ ක්‍රමය හඳුන්වා දෙන්නකෝ එයාලට. (නි)
තමන්ට සුදුසු සහකරු/සහකාරිය සොයාගන්න නිසි සාම්ප්‍රදායික ප්‍රායෝගික ක්‍රමවේදයක් ලංකාවේ හැර ලෝකයේ කිසිම රටක නැතිව ඇති. (නදී)
නිමල්,ඇයි මොකටද අපේ වාර්තා? අපි හොදට හැදුනු අය. දන්නවද? (නි)
ඔන්න නියම රටවල් (නි)
ලකාවට හොද "ඡන්දෙට පෙර දේශපාලඥයාගේ පොලිස් වාර්තා සපයන එක" (නදී)
හොද අදහසක් ! (නදී)
ඇත්තටම ලංකාවටත් ගැළපෙන නීතියක්. හැබැයි දෙපාර්ශවයටම (නි)
සිරියලතා, ඔයානම් හොද කෙනෙක් වෙන්න ඇති, එත් සුළුතරයක් ඔයා වගේ නෙවෙයිනෙ. මට තව දෙයක් කියන්න හිතුනා. විවාහයට කලින් ජංගම දුරකතනයේ කෙටි පණිවිඩ පිළිබද විස්තර වාර්තාවක් ලබාගන්නත් පුලුවන්නම් තවත් හොදයි. මොකද මම දැකලා තියෙනවා හවසට බස් වල යන තරුණ ළමයි එක දිගට කෙටි පණිවිඩ යවලා බස් එකෙන් බහින්න ලං වෙනකොට ඔක්කොම මකල දානවා. බස් එකේ යන අනිත් අයට පේනවා කෙටි පණිවිඩ වලින් කතා කරන දේවල්, ගොඩක් ඒවා හරිම අසභ්‍යයි. (නදී)
මගේ අදහස ඔය වාර්තාව දෙපක්ෂයටම හොදයි යන්නයි. අපි හොද නම් මොකටද බයවෙන්නේ, නේද සිරියලතා? (නි)
අපේ අයියලා නම් ඒකත් හොරට හදයි (නි)