IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අනංගයාට පෙර පොලිස් වාර්තාව

තම ආදරය පතා එන පුද්ගලයින් හට පොලිස් වාර්තා ගොනු වී ඇත්දැයි සොයාබැලීමේ අයිතිය බ්‍රිතාන්‍යය කාන්තාවන්ට නුදුරේදීම ලැබීමට නියමිතය.

මෙම නීතිය සම්පාදනය කිරීමට මුල්වී ඇත්තේ පසුගිය වසරේ ෆේස්බුක් පෙමක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ කාන්තාවක් හා සම්බන්ධ සිදුවීමකි.මරණයෙන් පසු එම කාන්තාවගේ පවුලේ හිතවතුන් ඇයගේ පෙම්වතාව සිටි පුද්ගලයාගේ යටගිය තොරතුරු හාරා අවුස්සා බැලු කළ හෙළිව තිඛෙන්නේ ඔහු මීට පෙර කාන්තාවන්ට අතවර කිරීම සම්බන්ධයෙන් නිීතිය හමුවේ දඩුවම් විද ඇත්තෙක් බවයි.

මෙම සිදුවීම මුල් කරගෙන කාන්තාවන්ට නව පෙම්වතුන් හා සබදතා ඇති කර ගැනීමට පෙර ඔවුන්ට පොලිස් වාර්තාවක් ඇත්දැයි සොයාබැලීමට අවසරය ලබා ගැනීම අරමුණින් මිය ගිය කාන්තාවගේ පියා ඇතුලූ පවුලේ හිතවතුන් සමාජය දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

ඔවුන්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට එකී අවසරය ලබා දෙන නීතිය මේ වන විට සම්පාදනය කෙරෙමින් පවතින අතර ලබන වසරේ මාර්තු මස සිට එය ක්‍රියාවට නැංවීමට නියමිතය.



අදහස් (0)

අනංගයාට පෙර පොලිස් වාර්තාව

නුගේගොඩ Wednesday, 27 November 2013 03:42 PM

මගේ අදහස ඔය වාර්තාව දෙපක්ෂයටම හොදයි යන්නයි. අපි හොද නම් මොකටද බයවෙන්නේ, නේද සිරියලතා? (නි)

:       0       0

නිමල් Tuesday, 26 November 2013 03:30 PM

කාන්තාවන් ගැන පොලිස් වාර්තාවක් පිරිමින්ටත් ලබා ගන්න පුලුවන් නම් හොදයි, අපේ රටටත් මේක ගැළපෙනවා (නි)

:       0       0

මෙන්ඩිස් Tuesday, 26 November 2013 03:32 PM

අපේ ලංකාවේ ක්‍රමය හඳුන්වා දෙන්නකෝ එයාලට. (නි)

:       0       0

ධම්ම Tuesday, 26 November 2013 04:00 PM

තමන්ට සුදුසු සහකරු/සහකාරිය සොයාගන්න නිසි සාම්ප්‍රදායික ප්‍රායෝගික ක්‍රමවේදයක් ලංකාවේ හැර ලෝකයේ කිසිම රටක නැතිව ඇති. (නදී)

:       0       0

සිරියලතා Tuesday, 26 November 2013 05:26 PM

නිමල්,ඇයි මොකටද අපේ වාර්තා? අපි හොදට හැදුනු අය. දන්නවද? (නි)

:       0       0

වින් Tuesday, 26 November 2013 05:41 PM

ඔන්න නියම රටවල් (නි)

:       0       0

නිමල් Wednesday, 27 November 2013 11:19 AM

සිරියලතා, ඔයානම් හොද කෙනෙක් වෙන්න ඇති, එත් සුළුතරයක් ඔයා වගේ නෙවෙයිනෙ. මට තව දෙයක් කියන්න හිතුනා. විවාහයට කලින් ජංගම දුරකතනයේ කෙටි පණිවිඩ පිළිබද විස්තර වාර්තාවක් ලබාගන්නත් පුලුවන්නම් තවත් හොදයි. මොකද මම දැකලා තියෙනවා හවසට බස් වල යන තරුණ ළමයි එක දිගට කෙටි පණිවිඩ යවලා බස් එකෙන් බහින්න ලං වෙනකොට ඔක්කොම මකල දානවා. බස් එකේ යන අනිත් අයට පේනවා කෙටි පණිවිඩ වලින් කතා කරන දේවල්, ගොඩක් ඒවා හරිම අසභ්‍යයි. (නදී)

:       0       0

රෝහිත Tuesday, 26 November 2013 06:26 PM

ලකාවට හොද "ඡන්දෙට පෙර දේශපාලඥයාගේ පොලිස් වාර්තා සපයන එක" (නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 27 November 2013 07:01 PM

අපේ අයියලා නම් ඒකත් හොරට හදයි (නි)

:       0       0

මධූ Tuesday, 26 November 2013 07:28 PM

හොද අදහසක් ! (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 27 November 2013 08:34 AM

ඇත්තටම ලංකාවටත් ගැළපෙන නීතියක්. හැබැයි දෙපාර්ශවයටම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site