IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


30,000 මිහිදන් කළ තැන ලෝක යුද්ධය සමරති

පළමු ලෝක යුද්ධයේ සියවස් සමරුවට අද ජර්මනියේ හා ප්‍රංශයේ ජනාධිපතිවරු එක්ව සිටිති. ප්‍රංශයේ ජනාධිපති ෆරන්කොයිස් හොලන්ඩේ සහ ජර්මනියේ ජනාධිපති ජෝසිම් ගවුක් එක්ව නැගෙනහිර ප්‍රංශ දේශසිමාවේ දී මේ සැමරීම සිදුකිරීමට නියමිතය. එහිදී මියගිය සොල්දාදුවන් සමරමින් ආමන්ඩ් සුසාන භූමියේ දී යුද ස්මාරකයකට හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයකට මුල්ගල් තැබීමට ද නියමිතය.

ආමන්ඩ් කඳුකරයේ දී ප්‍රංශ හා ජර්මානු සොල්දාදුවන් 30,000ට වැඩි පිරිසක් මියගොස් ඇත.  සුසාන භූමියේ වාර්තාවල දක්වා ඇත්තේ එහි හඳුනානොගත් මිනිසුන් 12,000ක් මිහිදන් කර සිටින බවයි.

ජර්මන් හා ප්‍රංශ ජනාධිපතිවරු හමුවන්නේ ප්‍රංශ හා ජර්මන් සම්බන්ධතා ගොඩනගාගැනීමේ අපේක්ෂාවෙනි.

ජර්මනිය විසින් බෙල්ජියම ආක්‍රමණය කිරීම සිහිපත් කිරීම සඳහා හෙට මේ නායකයන් දෙදෙනා බෙල්ජියමේ ලීගේ නගරයේ දී හමුවන අතර එම හමුවට බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍යවරයා ද එක්වනු ඇත.

බ්‍රිතාන්‍යයන් යුද්ධයට එක්වූයේ 1914 අගොස්තු 04 දා බෙල්ජියම ආක්‍රමණය කළ ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරමිනි. මෙය සමරමින් හෙට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ද එම උත්සවයට සහභාගී වීමට නියමිතය. 

ww.2 ww 4 ww 3



අදහස් (0)

30,000 මිහිදන් කළ තැන ලෝක යුද්ධය සමරති

ගාමිණී - සිරි Monday, 04 August 2014 03:47 PM

කපිල සහ සිරි පුතාට ස්තුත්යි. 1 වෙනි ලෝක යුද්ධය ජපනුන්ට අවි ආයුධ ගැන දැනුමක් නොතිබුන වෙලාවේ පෘතුගාලයෙන් මිලදී ගත් ආයුධ බලා ආයුධ නිෂ්පාදනය කලේ කියෝතෝ ප්‍රාන්තයේ කම්මල් වැඩ ගැන දක්ෂයින් නිසා. පසුව ඔවුන් වැඩි දියුණු කරගත්තා. ආසියාවේ රටවල් ආක්‍රමණය කල නිසයි ඇමෙරිකාව පරමාණු බෝම්බ හෙළුවේ. හිරෝෂිමා,ඕකිනාවා නගර නැත්තටම නැතිකළා. ලක්ෂ සංකයාත ජපනුන් මලා. අංගවිකල කළා. සරණාගතයින් බ්‍රසීලයට නැව් පිටින් පලාගියා මව්බිම අතහැර. බැන් ඩුන් සම්මේලනයේදී ජේ .ආර් ජයවර්ධන මහතා ගේ නහී.වේරේන..වේරේන..කතාවෙන් පසුව ජපනුන්ට යුද්ධ නොකරන්ටත්, අවි ආයුධ නිෂ්පාදනය නොකරන්ටත් ගත් යුධ ගිවිසුම අනුව ඔවුන් නීතිය අකුරටම පිළිපදිනවා අදත්. අපිට ශ්‍රී ජයවර්ධන පුර ආරෝග්‍ය ශාලාව වගේම නොයෙකුත් ආධාර ජපනුන් අදටත් කරනවා. බ්‍රසීලයේ ඕනෑම පුරවැසියෙකුට ජපානයට ඇතුළුවීමට වී.සා.නොමැතිව අවසර දීලා තියෙන්නේ කෘතගුණ සැලකීමක් වශයෙන්. ලෝකයේ නිහතමානී,අවංක,ගුණගරුක,තාක්ෂණයෙන් උසස් ,මිත්‍රශීලී ජාතියක් ජපන් රට වැසියන් යයි බව මාප්‍ රකාශ කරන්නේ සත් භාවයෙනි (නදී)

:       0       0

විශාන් Wednesday, 06 August 2014 07:16 AM

නොදන්නා නිසා අහන්නේ බ්‍රසීලය ජපානයට කල උදවුව මොකද්ද (දී)

:       0       0

ක්‍රිස් Monday, 04 August 2014 05:35 PM

ගාමිණී/සිරි ඔබ තුමා ජපන් ජාතිකයන්ව මුදුන් ඇත්තේ තබන්නේ ඔවුන් ගෙන් කියක් හරි හරි හම්බ කරගත් නිසානේ. අවුලක් නැහැ නමුත් ජපන් ජාතිකයන් තරම් ආත්මාර්ථකාමි මිනිසුන් මුළු අග්නි දිග ආසියාවේම නැතිව ඇති. ජපන් විසා එකක් අරන් ගියාම ඔබව ඒ ගුවන් තොටුපොළවල් වල කොහොමද චාටර් කරන්නේ. මම යුරෝපේ ඉදල ගිහිල්ලත් විනාඩි 45 පමණ රස්තියාදු කලා (නදී)

:       0       0

කපිල Monday, 04 August 2014 03:25 AM

පුදුම සම්භාව්‍ය අදහසක්නේ, ගාමිණී. (නි)

:       0       0

ගාමිණී-සිරි Sunday, 03 August 2014 03:33 PM

ලෝකයේ බලවත් ජාතින් 1,2 ලෝක යුද්ධ සමරමින් මියගිය ලක්ෂ සංඛායත ජනතාව වෙනුවෙන් කරනු ලබන පින්කම් හා දුක් අදෝනා හඳුනාගෙන තුන්වෙනි ලෝක යුද්ධයක් නැවත අැති නොවේවායි ප්‍රර්ථනා කිරීම තමා වටින්නේ. ජපානය අද කිසිම ආයුධයක් නිෂ්පාදනය නොකරනවා වගේම ඇයි ලෝකයේ අනෙක් රටවල් මෙය ආදර්ශයට නොගන්නේ. අවි ආයුධ නිෂ්පාදනය හා බෙදා හැරීම වහාම නතර කිරීමේ වැඩපිළිවෙලකට ලෝක මහා ජාතින් තීරණයක් ගැනීම ලෝක මානව හිමිකමිකි (නදී)

:       0       0

සිරි Monday, 04 August 2014 05:46 AM

ගාමිණී ජපානය ඇමෙරිකාව සමග එකතුවී මිස්සිල පවා හදනව උතුරු කොරියාවට එරෙහිව ..අන්තජලයේ සොයා බලන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25732 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18153 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10862 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 596 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 175 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 837 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site