පළමු ලෝක යුද්ධයේ සියවස් සමරුවට අද ජර්මනියේ හා ප්‍රංශයේ ජනාධිපතිවරු එක්ව සිටිති. ප්‍රංශයේ ජනාධිපති ෆරන්කොයිස් හොලන්ඩේ සහ ජර්මනියේ ජනාධිපති ජෝසිම් ගවුක් එක්ව නැගෙනහිර ප්‍රංශ දේශසිමාවේ දී මේ සැමරීම සිදුකිරීමට නියමිතය. එහිදී මියගිය සොල්දාදුවන් සමරමින් ආමන්ඩ් සුසාන භූමියේ දී යුද ස්මාරකයකට හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයකට මුල්ගල් තැබීමට ද නියමිතය.
ආමන්ඩ් කඳුකරයේ දී ප්‍රංශ හා ජර්මානු සොල්දාදුවන් 30,000ට වැඩි පිරිසක් මියගොස් ඇත. සුසාන භූමියේ වාර්තාවල දක්වා ඇත්තේ එහි හඳුනානොගත් මිනිසුන් 12,000ක් මිහිදන් කර සිටින බවයි.
ජර්මන් හා ප්‍රංශ ජනාධිපතිවරු හමුවන්නේ ප්‍රංශ හා ජර්මන් සම්බන්ධතා ගොඩනගාගැනීමේ අපේක්ෂාවෙනි.
ජර්මනිය විසින් බෙල්ජියම ආක්‍රමණය කිරීම සිහිපත් කිරීම සඳහා හෙට මේ නායකයන් දෙදෙනා බෙල්ජියමේ ලීගේ නගරයේ දී හමුවන අතර එම හමුවට බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍යවරයා ද එක්වනු ඇත.
බ්‍රිතාන්‍යයන් යුද්ධයට එක්වූයේ 1914 අගොස්තු 04 දා බෙල්ජියම ආක්‍රමණය කළ ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරමිනි. මෙය සමරමින් හෙට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ද එම උත්සවයට සහභාගී වීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ බලවත් ජාතින් 1,2 ලෝක යුද්ධ සමරමින් මියගිය ලක්ෂ සංඛායත ජනතාව වෙනුවෙන් කරනු ලබන පින්කම් හා දුක් අදෝනා හඳුනාගෙන තුන්වෙනි ලෝක යුද්ධයක් නැවත අැති නොවේවායි ප්‍රර්ථනා කිරීම තමා වටින්නේ. ජපානය අද කිසිම ආයුධයක් නිෂ්පාදනය නොකරනවා වගේම ඇයි ලෝකයේ අනෙක් රටවල් මෙය ආදර්ශයට නොගන්නේ. අවි ආයුධ නිෂ්පාදනය හා බෙදා හැරීම වහාම නතර කිරීමේ වැඩපිළිවෙලකට ලෝක මහා ජාතින් තීරණයක් ගැනීම ලෝක මානව හිමිකමිකි (නදී)
පුදුම සම්භාව්‍ය අදහසක්නේ, ගාමිණී. (නි)
ගාමිණී ජපානය ඇමෙරිකාව සමග එකතුවී මිස්සිල පවා හදනව උතුරු කොරියාවට එරෙහිව ..අන්තජලයේ සොයා බලන්න (දී)
කපිල සහ සිරි පුතාට ස්තුත්යි. 1 වෙනි ලෝක යුද්ධය ජපනුන්ට අවි ආයුධ ගැන දැනුමක් නොතිබුන වෙලාවේ පෘතුගාලයෙන් මිලදී ගත් ආයුධ බලා ආයුධ නිෂ්පාදනය කලේ කියෝතෝ ප්‍රාන්තයේ කම්මල් වැඩ ගැන දක්ෂයින් නිසා. පසුව ඔවුන් වැඩි දියුණු කරගත්තා. ආසියාවේ රටවල් ආක්‍රමණය කල නිසයි ඇමෙරිකාව පරමාණු බෝම්බ හෙළුවේ. හිරෝෂිමා,ඕකිනාවා නගර නැත්තටම නැතිකළා. ලක්ෂ සංකයාත ජපනුන් මලා. අංගවිකල කළා. සරණාගතයින් බ්‍රසීලයට නැව් පිටින් පලාගියා මව්බිම අතහැර. බැන් ඩුන් සම්මේලනයේදී ජේ .ආර් ජයවර්ධන මහතා ගේ නහී.වේරේන..වේරේන..කතාවෙන් පසුව ජපනුන්ට යුද්ධ නොකරන්ටත්, අවි ආයුධ නිෂ්පාදනය නොකරන්ටත් ගත් යුධ ගිවිසුම අනුව ඔවුන් නීතිය අකුරටම පිළිපදිනවා අදත්. අපිට ශ්‍රී ජයවර්ධන පුර ආරෝග්‍ය ශාලාව වගේම නොයෙකුත් ආධාර ජපනුන් අදටත් කරනවා. බ්‍රසීලයේ ඕනෑම පුරවැසියෙකුට ජපානයට ඇතුළුවීමට වී.සා.නොමැතිව අවසර දීලා තියෙන්නේ කෘතගුණ සැලකීමක් වශයෙන්. ලෝකයේ නිහතමානී,අවංක,ගුණගරුක,තාක්ෂණයෙන් උසස් ,මිත්‍රශීලී ජාතියක් ජපන් රට වැසියන් යයි බව මාප් රකාශ කරන්නේ සත් භාවයෙනි (නදී)
ගාමිණී/සිරි ඔබ තුමා ජපන් ජාතිකයන්ව මුදුන් ඇත්තේ තබන්නේ ඔවුන් ගෙන් කියක් හරි හරි හම්බ කරගත් නිසානේ. අවුලක් නැහැ නමුත් ජපන් ජාතිකයන් තරම් ආත්මාර්ථකාමි මිනිසුන් මුළු අග්නි දිග ආසියාවේම නැතිව ඇති. ජපන් විසා එකක් අරන් ගියාම ඔබව ඒ ගුවන් තොටුපොළවල් වල කොහොමද චාටර් කරන්නේ. මම යුරෝපේ ඉදල ගිහිල්ලත් විනාඩි 45 පමණ රස්තියාදු කලා (නදී)
නොදන්නා නිසා අහන්නේ බ්‍රසීලය ජපානයට කල උදවුව මොකද්ද (දී)