
ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා අප්‍රිකා සංචාරයක නියැලෙයි. දින 11 ක මෙම සංචාරයේ දී පාප්තුමා අප්‍රික රටවල් කීපයක සංචාරය කිරැමට නියමිතය.
සංචාරය ආරම්භ වූයේ පසුගිය 13 වැනිදා වන අතර, පාප්තුමන්ගේ පළමු නැවතුම වූයේ ඇල්ජීරියාවය. පාප්තුමන් උණුසුම් ලෙස පිළිගැනීමට ඇල්ජීරියානු ජනාධිපති ඇබ්දෙල්මජිද් ටෙබෝන් කටයුතු කළේය. හමුදා උත්තමාචාර ද පැවැත්විණි.
පාප් ධුරයට පත්වීමෙන් අනතුරුව, 14 වැනි ලියෝ පාප්තුමා සහභාගී වන දෙවැනි විදෙස් සංචාරය මෙයයි. ඇල්ජීරියාවට ගිය පාප්තුමා , ඇල්ජියර්ස් අනුවර සිට ඇන්නාබා දක්වා ගුවන් ගමනක යෙදුණු අතර, ශාන්ත ඔගස්ටින් මුනිඳුන් වසර 30කට අධික කාලයක් රදගුරු පදවිය දැරූ ඓතිහාසික හිපෝ පුරාවිද්‍යා භූමිය නැරඹීමට ද අමතක කළේ නැත.
සාමයේ සංකේතයක් ලෙස නටබුන් අසල ඔලීව පැළයක් රෝපණය කිරීමට ද උන්වහන්සේ කටයුතු කළ බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්විණි. 14 වැනි ලියෝ පාප්තුමා ඇමෙරිකානු ජාතිකයෙකි.
පාප්තුමා මේ වනවිට සිටින්නේ කැමරූන් රාජ්‍යයේ සංචාරය කරමිණි. පාප්තුමන් කැමරූන් බලා පැමිණියේ ඉකුත් 15 වැනිදාය. කැමරූන් ජනාධිපති පෝල් බයියාගෙන් පාප්තුමන්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණි. පාප්තුමන් ලබන 18 තෙක් කැමරූන් රාජ්‍යයේ රැදී සිටිනු ඇති බවත්, ඉන්පසු එතුමන් ඇන්ගෝලාව බලා පිටත්ව යනු ඇති බවත් වතිකානය පවසයි. පාප්තුමන්ගේ අප්‍රිකා සංචාරය අවසන් වන්නේ ඉක්වටෝරල් ගිනියාවෙනි. ඒ, අප්‍රේල් 23 වැනිදාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd