තම රටට එරෙහිව ප‍්‍රහාරයක් එල්ල කරන ඕනෑම විදේශයකට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමට පැකිලෙන්නේ නැතැයි ඉරාන විප්ලවීය හමුදාව අනතුරු අඟවයි.
ඉරාන විප්ලවීය හමුදා ආඥාපති හුසේනි සලාමී එම අනතුරු ඇඟවීමක් කළේ, ඉදිරි මාස කිහිපයේදී ඊශ‍්‍රායලය නිසැකවම ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කරාවි යැයි ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා කළ ප‍්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
ඉරානය තම හමුදා ශක්තිය ලෝකයට ප‍්‍රදර්ශනය කිරීමේ අරමුණින් මේවනවිට ගොඩබිම් යුද අභ්‍යාසයක් ද ආරම්භ කර තිබේ. දින කීපයක් තිස්සේ පැවැත්වෙන එම යුද අභ්‍යාසයට ඉරාන විප්ලවීය හමුදා සෙබළුන් ද සහභාගී වන බව ඉරාන පුවත් සේවා වාර්තා කර තිබේ.
යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ තෙහෙරාන් අගනුවරට කිලෝ මීටර් 1,200 ක් දුරිනි.
ඉරානය මීට පෙර හෝමූස් සමුද්‍ර සන්ධියේදී පැවැත් වූ නාවික අභ්‍යාසය ඇමෙරිකාව, ඊශ‍්‍රායලය ඇතුළු බටහිර රටවල දැඩි විරෝධයට හේතුවක් විය. ඉරානය එම නාවික යුද අභ්‍යාස පැවැත්වූයේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් එල්ල වන තර්ජන ගර්ජන හමුවේ තමන්ට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ලෝක තෙල් සැපැයුමට බාධා එල්ල කළ හැකි යැයි පෙන්වීමටය.
ඉරානය ඇමෙරිකාව සහ බටහිර ලෝකයේ උදහසට ලක්වී සිටින්නේ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙනි.
ඉරානය තරයේ කියා සිටින්නේ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන රටේ බලශක්ති අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින් කි‍්‍රයාත්මක බවය. එහෙත් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර ලෝක බලවතුන් පවසන්නේ ඉරානය හොර රහසේ පරමාණු බෝම්බ නිපදවන බවය.
ඇමෙරිකාවේ හිතවතකු වන ඊශ‍්‍රායලය පවසන්නේ ඉරානය ලොව තර්ජනයක් වී ඇති බවත් ඉරානය මට්ටු කිරීමට ඉරානයට පහර දීමක් කළ යුතු බවත්ය.
කලාපීය වශයෙන් ඊශ‍්‍රායලයට එල්ල විය හැකි තර්ජන සැලකිල්ලට ගනිමින් රජයේ ආරක්ෂක වියදම් වැඩි කිරීමට ද ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු තීරණය කර ඇත. එම තීරණය ගනු ලැබුවේ අගමැති නෙදන්යාහූගේ ප‍්‍රධාx නත්වයෙන් පෙරේදා (4) පැවැති කැබිනට් හමුවේදීය.
මීට අමතරව අගමැති නෙදන්යාහු ලබන මාසයේදී ඇමෙරිකාවේ සංචාරයක යෙදීමට නියමිත බවත් එහිදී ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා හමුවී ඉරාන අර්බුදය ගැන සාකච්ඡුා පවත්වනු ඇති බවත් ඊශ‍්‍රායල රජය පවසයි.
න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ඉරානය හුදෙකලා කිරීමට ඇමෙරිකාව උත්සාහ ගනී. ඔවුන් ඉරානයට තෙල් අපනයන සම්බාධක සහ ආර්ථික සම්බාධක පැනැවීමට කටයුතු කර ඇත්තේ ද එහෙයිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ වනවිට ඉරානයට එරෙහිව අවස්ථා හතරකදී සම්බාධක පනවා තිබේ.
2025 නොවැම්බර් මස 04
380
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2167
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1646
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපට පහර දෙන ඕනෑම රටකට පෙරළා පහර දෙනවා