ගරිල්ලා ප‍්‍රහාර එල්ල කරමින් අයිඑස්අයිඑස් අන්තවාදීන්ට මරණ බය ගෙනදෙන අවිගත් කුඩා කණ්ඩායම් සිරියාවේ නිර්මාණය වෙමින් තිබෙන්නේයැයි වාර්තා වේ.
‘‘වයිට් ශ්‍රවුඩ්‘‘ (සුදු මුවාව) නම් වන එවන් එක් ගරිල්ලා කණ්ඩායමක් සැඟවී එල්ල කර තිබෙන ප‍්‍රහාරයන්ගෙන් මේ වන විට අයිඑස් අන්තවාදීන් සියයකට වැඩි පිරිසක් ඝාතනය කෙරී ඇතැයි සඳහන්ය.
වයිට් ශ්‍රවුඩ් වැනි තවත් කණ්ඩායම් රාශියක් දැන් අයිඑස් අන්තවාදීන්ට එරෙහිව අවි අතට ගනිමින් සිටින බව සිරියාවේ කි‍්‍රයාත්මක මානව හිමිකම් නිරීක්ෂක මධ්‍යස්ථානයද කියයි.
සිරියාවේ ඩෙල් අල් සෝර් ප‍්‍රදේශයේ මෙවන් ගරිල්ලා ප‍්‍රහාරයන් වැඩි වශයෙන් එල්ල වන අතර දැනට එම ප‍්‍රදේශයේ වැඩි කොටසක බලය අල්ලාගෙන සිටින්නේ අයිඑස් අන්තවාදීන් වේ.ගුවන්තොටුපල ඇතුලූ තවත් කුඩා කොටසක බලය තවමත් සිරියා හමුදා අත තිබේ.
මෙම ප‍්‍රහාරයන් හමුවේ අන්තවාදීන් කෙතරම් බිය වී තිබෙන්නේද යත් දැන් ඔවුන් කිසිම විටෙකත් තනිව ගමන් කරන්නේ නැතැයි පැවසේ.ප‍්‍රහාර සැළසුම් කිරීම සදහා වෙනදා මෙන් සියගණනින් එක් රැස් වන්නේද නැති ඔවුන් ගරිල්ලා කණ්ඩායම් වලට බියේ කුඩා කණ්ඩායම් වලින් එක් රැස් වේ. සාකච්ඡුා නිමවූ වහාම දෙදෙනා හෝ තිදෙනා බැගින් එක්ව වෙන්ව යති.
උද්ගතවී ඇති තත්ත්වය අන්තවාදීන්ට කර්මය පඩිසන් දුන්නාක් වැනි යැයි විචාරකයින් කියයි.
මෙම ගරිල්ලා කණ්ඩායම් වලට අවි සපයා ගැනීමට මාර්ගයක් නොමැති අතර ඔවුන් තම අවශ්‍යතා සපුරා ගන්නේ සටන් බිමේ අත්හැර දමා යන අවි ආයුධ වලිනි.
තම අරමුණ වන්නේ අයිඑස් අන්තවාදීන්ට මර බිය ගෙන දීම බව කියනා මෙම කණ්ඩායම් වල නායකයෝ මේ වන විට එම අරමුණ කරා ළගාවී තිබෙන බවත් ඉදිරියේදී තවත් සංවිධානයවී ගරිල්ලා ප‍්‍රහාරයන් එල්ල කරන බවත් පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන් අවි ආයුධ පිළිබඳ විශේෂඥයෙක් වගේනෙ. වැඩියෙන්ම අවි ආයුධ නිෂ්පාදනය කරන්නේ කොහෙද කියලත් කියනවද? දන්නෙම නැති හින්දයි අහන්නේ. (නි)
ඔයහැම ත්‍රස්ත සංවිධානයකටම අවි,ආයුධ දුන්නෙත්,දෙන්නෙත් ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යන්ම තමයි.(හේ)
සාර්ථක වෙයිද දන්නේ නෑ.
නිමාවක් නොමැත. අවි පුහුණුව සහ සටන් කාමිත්වය මනාවට හුරු වී ඇත. (ස)
අවිගත්තෝ අවියෙන්ම නසිති. (නි)
පුද්ගල ස්වරුපය ඒක වෙනස් වෙනවා.(හේ)