
භූමි කම්පාවෙන් බිමට සමතලා වූ සිරියාවේ නිවසක සුන්බුන් අතරින්, පණ පිටින් සිටි අලුත උපන් බිලිඳියක සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් විය.
බිලිඳියක උපත ලබා ඇත්තේ, බිලිඳිය ගේ මව සුන්බුන්වලට යට වීමෙන් පසුවය. දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්වලට බිලිඳා හමුවන විටත් පෙකණිවැල මගින් ඇය මවට සම්බන්ධ වී සිටියාය.
බිලිඳියගේ මව, පියා, සොහොයුරා සුන්බුන්වලට යටවී මියගොස් සිටි බව ද පැවැසෙයි.
බිලිඳිය කඩිනමින් රෝහලකට යැවුණු බවත් ඇයට අවශ්‍ය වෛද්‍ය ආධාර ලබා දුන් බවත්, ඇගේ තත්ත්වය යහපත් බවත් සිරියානු පුවත් සේවා වැඩි දුරටත් පවසා තිබේ.
(බීබීසී)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd