IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


දැඩි රැකවල් මැද මුස්ලිම් රාජ්‍ය නායක සමුළුව පාකිස්තානයේ

සංවර්ධනය වෙමින් පවතින මුස්ලිම් රටවල රාජ්‍ය නායක සමුළුව හෙවත් ‘ඞී8’ සමුළුව ඊයේ (22) විශේෂ ආරක්ෂක රැුකවල් මැද පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී ආරම්භ විය. සමුළුව ඇරැඹුණේ පාකිස්තාන අගමැති පර්වේස් අෂ්රෝෆ්ගේ ප‍්‍රධානත්වයෙනි. ‘ඞී8’ සමුළුවට අයත් රටවල් වන්නේ බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරානය, මැලේසියාව, නයිජීරියාව, තුර්කිය සහ පාකිස්තානයයි. ඉස්ලාමීය සටන්කාමීන්ගෙන් නිරන්තරයෙන් එල්ල වන තර්ජන මැද මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට පාකිස්තාන රජයට හැකිවීම ඔවුන් ලැබූ ජයග‍්‍රහණයක් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් ජාත්‍යන්තරයේ අපකීර්තියට පත් වී සිටින පාකිස්තානය යළිත් වරක් ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවදානය දිනා ගැනීමට සමුළුව ඉවහල් වනු ඇතැයි ද දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් කියා සිටිති. සමුළුව වෙනුවෙන් ඉස්ලාමාබාද් අගනුවරට විශේෂ පොලිස් සහ හමුදා ආරක්ෂාවක් යොදා තිබුණු අතර විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද කි‍්‍රයාත්මක කෙරුණි. ගාසා සහ සිරියානු අර්බුදය ඇතුළු මැද පෙරදිග කලාපයේ ගැටුම් පිළිබඳව සමුළුවේදී සාකච්ඡා කෙරුණු අතර ආරක්ෂක, වෙළෙඳ සබඳතා තරකර ගැනීම කෙරෙහි ද සාකච්ඡා පැවැත්විණි. සමුළුවට සහභාගී වීමට ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි ඉස්ලාමාබාද් අගනුවරට පැමිණීමට නියමිතව සිටිය ද අවසන් මොහොතේ දී එම තීරණය වෙනස් විය. ඊට හේතු වූයේ හමාස් සටන්කාමීන් සහ ඊශ‍්‍රායල රජය අතර ඇරැඹුණු සටන් විරාමයයි. එම සටන් විරාමයේ මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ ඊජිප්තුවය. ඊජිප්තු ජනපතිවරයකු පාකිස්තානයට පැමිණීමට සූදානමින් සිටියේ දශක හතරකිනි. නයිජීරියා ජනපති ජොනන් ගුඞ්ලක් ද සමුළුවට සහභාගී වූ අතර නයිජීරියා ජනපතිවරයකු පාකිස්තානයට පැමිණියේ වසර 28 කට පසුවය. පාකිස්තාන අගමැති පර්වේස් අෂ්රොෆ් සමුළුවට සහභාගීවීමට පැමිණි තුර්කි අගමැති ටයිප් එඞ්රෙගොන් පිළිගනිමින්



අදහස් (0)

දැඩි රැකවල් මැද මුස්ලිම් රාජ්‍ය නායක සමුළුව පාකිස්තානයේ

සංජු Sunday, 25 November 2012 02:26 PM

නයිජීරියාව මුස්ලිම් රාජ්‍යයක්ද එතකොට? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1058 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site