ඇමෙරිකාවේ විස්කොන්සින් සීක් දෙවොලට කඩා වැදී වෙඩි තබා සීක් ජාතිකයන් හය දෙනකු ඝාතනය කළේ මයිකල් පේජ් නමැති 40 හැවිරිදි ඇමෙරිකානුවකු බවත් ඔහු සුදු ජාතික අන්තවාදී කල්ලියක සාමාජිකයකු බවත් පොලිසිය පවසයි.
මයිකල් පේජ් සම්බන්ධ එම සුදු ජාතික අන්තවාදී කල්ලිය ගැන ද මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.
පේජ් දේවස්ථානයට කඩා වැදී වෙඩි තැබූ අවස්ථාවේදී ඒ බව වාර්තා වී එහි ගිය පොලිස් නිලධාරියකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් පේජ් මියගියේය.
සුදු ජාතිකයන් ඉහළයි යැයි විශ්වාස කරන අන්තවාදී කල්ලි ඇමෙරිකාවේ ප‍්‍රාන්ත කිහිපයක කි‍්‍රයාත්මකය. වෙඩි ප‍්‍රහාරය තරයේ හෙළා දකිමින් ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ප‍්‍රකාශ කළේ මෙවැනි සිදුවීම් යළි සිදු නොවීමට නම් ඇමෙරිකානුවන් වශයෙන් සැවොම එකමුතු විය යුතු බවය.
මේ අතර ඇමෙරිකාවේ සීක්වරුන්ට එල්ල වූ එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකා රජයට විරෝධය පළ කරමින් ඉන්දියාවේ සීක්වරු ඊයේ (7) නවදිල්ලි අගනුවර දැවැන්ත විරෝධතා රැලියක් ද පැවැත්වූහ.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
අනේ පවු නේද? යස වැඩේ. (නි)
තවත් ඇමරිකන් ත්‍රස්ත මැර ප්‍රහාරයක්. (නි)
ඔය මිනිස්සු ඔහොමම මතයි (දී)
ඔන්න පොටක් පෑදුණා. (නි)