තායිලන්ත රජු මහා වජීරලොන්කෝන්ගේ වැඩිමහල් සොහොයුරිය වන රාජකන්‍යා සිරිවදාන බර්නවාදි කුමරිය ඊළඟ අගමැති තනතුර සඳහා තරග වැදීමට ඉදිරිපත් වී තිබේ.
තායිලන්ත මහමැතිවරණය ලබන මාර්තු 24 වැනි දා පැවැත්වීමට නියමිතය. කුමරිය තායි රක්සා චාට් පක්ෂයෙන් අගමැති ධූරය සඳහා තරග වැදීමට ලියාපදිංචි වී ඇත. 1970 දී ඇය රාජකීය ධූරයෙන් ඉවත්වී තිබේ.
තායිලන්ත රාජකීයන් දේශපාලනයට පිවිසිම විරල සිද්ධියක් වේ. මෙය තායිලන්ත දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රාජකන්‍යා කුමරිය තායිලන්තයේ හිටපු රජු භූමිබෝල් අදුල්යාදේජ් හා සිරිකිත් රැජනගේ පළමු දරුවා වේ. ඇය වර්ෂ 1951 ස්විස්ටර්ලන්තයේ දී උපත ලැබුවාය.
තායිලන්තයේ වර්තමාන අගමැති ප්‍රියුත් චාන් ඔචා මහතා ද මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන බව ප්‍රකාශ කළේය.
බීබීසී ඇසුරෙනි
(28535)
2025 දෙසැම්බර් මස 30
75
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
729
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තායි අගමැති පුටුවට රජ කුමරියක් තරග වදී