ජපාන අගමැති ෂින්සො අබේ ඵෙතිහාසික චාරිකාවක් සිදුකරමින් ඇමරිකාවේ පර්ල් වරාය නිරීක්ෂණය සඳහා ඇමරිකා ජනපති බැරක් ඔබාමා සමග එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අඟහරුවාදා ඔහු එහි සංචාරය කළ අතර දෙවැනි ලෝක යුද්ධ සමයේ දී ජපාන හමුදා විසින් ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ දමා විනාශ කරන ලදි. ඒ 1941 වසරේදීය. එහිදී දහස් ගණනකට ජීවිත අහිමි විය.
මීට පෙර ඇමරිකානුවන් විසින් දෙවැනි ලෝක යුද සමයේදී ගුවනින් බෝම්බ දමා විනාශ කළ ජපානයේ හිරෝෂිමා නගරයේ සංචාරය කළ ඇමරිකා ජනපති බැරක් ඔබාමාගේ සංචාරයෙන් මාස හතකට පසු ෂින්සෝ අබේ පර්ල් වරායේ සංචාරයට එක්වීමද විශේෂත්වයකි.
යළි කිසිදා මෙවැනි විපතක් සිදුනොවීමට වග බලාගත යුතු යැයි පර්ල් වරායේ සංචාරයට එක්වූ ජපාන අගමැති සඳහන් කළේය. ඔවුහු එහිදී මියගිය අය වෙනුවෙන් ශෝකයද ප්‍රකාශ කළහ.





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.