කටාර් ගුවන් යානාවලට තම ගුවන් සීමාව තහනම් කිරිමට සෞදි අරාබිය සහ ඊජිප්තුව පියවර ගෙන තිබේ.
කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට සහ මූලධර්මවාදී අදහස් ප්‍රචලිත කිරීමට උපකාර සපයන බවට චෝදනා කරමින් සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් කිහිපයක් කටාර් රාජ්‍ය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැර දැමීමට පියවර ගත්තේය.
ඒ අනුව එහි පියවරක් ලෙස කටාර් රාජ්‍යයෙන් ගල්ෆ් කලාපීය ගුවන් සීමාවට තර්ජනයක් තිබෙන බව කියමින් ඊජිප්තුව මෙම පියවර ගෙන තිබේ.
කලාපය තුළ අන්තවාදය ව්‍යාප්ත කිරීමට කටාර් රාජ්‍යය සහයෝගය දෙන බව පවසමින් සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් මෙලෙස කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සියල්ල අත්හැර දැමීය.
එපමණක් නොව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව සහ බහරේනය කටාර් රාජ්‍ය සමඟ තිබෙන ගුවන්, නාවික සහ ගොඩබිම් ප්‍රවාහන සබඳතා සියල්ල නවතා දැමීමට ද පියවර ගත්තේය.
කෙසේ නමුත් මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන කටාර් රාජ්‍යය කටාර් රාජ්‍යයට එරෙහිව අසත්‍ය ප්‍රචාරයක් පතුරවන බවත් මෙවැනි තීරණවලින් කටාරයේ ස්වෛරීත්වය උල්ලංඝණය වන බවටත් චෝදනා කරයි.
ඒ.එෆ්.පී/රොයිටර් 055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.