IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැරදි පුරුදු නැත්නම් දිවිය දිගු වෙයි

අකාලයේ මිය යාම වළක්වාගැනීමට නම් මත්පැන් පානයෙන් හා දුම්පානයෙන් වැළකී සෞඛ්‍ය සම්පන්න ආහාර ගනිමින් ව්‍යායාම සහිත දිවි පෙවතක් ගත කළ යුතුයැයි පර්යේෂකයෝ පිරිසක් අවධාරණය කරති.

එවැනි දිවියක් ගත කරන සමාජයක් ගොඩනැගිය හැකිනම් අකාලයේ වන මරණ සංඛ්‍යාව විස්මය ජනක ලෙස අඩුකර ගත හැකි බව මෙම අධ්‍යනය මගින් පෙන්වා දෙයි.

තරුණ වියේදී මෙලෙස නරක පුරුදු අතහැර දැමීම වඩාත් ආරක්ෂාකාරි බව ස්වීඩන් පර්යේෂකයන් පෙන්වා දෙති.

දුම්නොබන, සහ දිනකට විනාඩි 40 ක් සයිකල් පදින හෝ ඇවිදින සතියකට අවම වශයෙන් පැයක් ව්‍යායායාමයේ යෙදෙන තම ඉනේ ප්‍රමාණය අඟල් 37 කට අඩුවෙන් තබාගෙන ඇති  පිරිමින් ඉහළ සෞඛ්‍ය තත්වයක් ලබාගන්නා බව එම පර්යේෂකයෝ පෙන්වා දෙති.

මෙම පිරිමින් මධ්‍යසාර ස්වල්ප ප්‍රමාණයක් පානය කරණ  සහ තමනගේ ආහාරවලට පලතුරු සහ එළවළු, රනිල කුලයේ ආහාර, ඇටවර්ග, මේදය අඩු ආහාර සමග ධාන්‍ය වර්ග එක්කර ගත යුතුය.

මෙම අධ්‍යනය සඳහා වයස අවුරුදු 45 සිට 79 දක්වා වූ  පිරිමි 20721 ක පිරිසකගේ දත්ත වසර 11ක් විශ්ලේෂණය කැර ඇත.

මේ පිලිබදව තම අදහස් දක්වන ස්වීඩනයේ කරොලින්ස්කා විද්‍යායතනයේ පරිසර වෛද්‍ය විද්‍යා ආයතනයේ මහාචාර්ය ඇග්නිටා ආකිසන් පවසන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුව ජීවිතය ගත කිරීමෙන් අකාලයේ මිය යාම වළක්වා ගත හැකි වීම මෙතෙක් සිතා සිටියාට වඩා ඉහළ අගයක් ගන්නා බවයි.

 



අදහස් (0)

වැරදි පුරුදු නැත්නම් දිවිය දිගු වෙයි

අමා Wednesday, 24 September 2014 09:08 AM

ඇත්තෙන්ම මමත් ඉන්නේ මේ රටේ. මේ අය ගොඩක් සීතල වැඩිකමට ව්‍යයාම කරනවා ,දියර කිරි බොනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 370 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1014 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site