සමඟි රජයක් පිහිටුවීමට එකමුතු වෙන්නැයි ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලයේ නායක මොහොමඞ් ජිබ්රිල් ඊයේ (9) එරට දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළේය. ලිබියාවේ ඉකුත් 7 වැනිදා මැතිවරණයක් පැවැත් වුණු අතර ඊට දේශපාලන පක්ෂ 150 ක් සහ අපේක්ෂකයෝ 3.700 දෙනෙක් සහභාගී වූහ. ලිබියාවේ වසර 60 කට පසු පැවැත්වුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණය වන්නේ ද මෙයයි. නිල නොවන ඡුන්ද ප‍්‍රතිඵල අනුව මැතිවරණයට ඉදිරිපත් වූ ඉස්ලාමීය දේශපාලන පක්ෂ නියෝජනය කළ අපේක්ෂකයෝ මේ වනවිට ඉදිරියට පැමිණ සිටි බව වාර්තා වේ. මැතිවරණයෙන් මන්තී‍්‍රවරුන් 200 දෙනකුගෙන් යුත් මන්ත‍්‍රණ සභාවක් තෝරාගෙන අගමැතිවරයකු පත් කිරීමට නියමිතය. එමගින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැණෙන අතර 2013 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වීමටත් ද නියමිතය.
2025 දෙසැම්බර් මස 04
348
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හවුල් ආණ්ඩුවකට එන්නැයි ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලයෙන් පක්ෂවලට ආරාධනාවක්