මහ වැසි, ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් ගත වූ පැය 48 ඇතුළතදී ඉන්දියාවේ ‘උත්තර ප‍්‍රදේශ්’ ප‍්‍රාන්තයේ පළාත් රැසක පුද්ගලයෝ 31 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
උතුරු ඉන්දියාවට මහ වැසි ඇද හැලීම් ආරම්භ වූයේ මෝසම් වැසි සමය උදාවීමත් සමඟය. ඊයේ (26) ද මහ වැසි ඇද හැලෙමින් පැවැති හෙයින් සහන සේවා මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ තවත් දින දෙකක් නොකඩවා වැසි ඇද හැලෙනු ඇති බවය.
‘ගංගා’ නදිය පිටාර ගැලීමෙන් හටගත් ජල ගැලීම්වලින් චුන්ඩූලූ දිස්ති‍්‍රක්කයේ ගම්මාන 50 ක් මුළුමනින්ම ජලයෙන් යටවී ගොස් ඇති අතර ලක්ෂ දෙකකට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
මිසාපූර් දිස්ති‍්‍රක්කයේ පෙරේදා (25) රාති‍්‍රයේ හටගත් නායයෑම්වලින් ගම්මාන කිහිපයක් පස් තට්ටු යට සැඟවී ගියේය.
එහිදී පුද්ගලයෝ 13 දෙනක් ජීවිතක්ෂයට පත්වූහ. ගම්මාන පස් තට්ටුවලින් වැසී ගියේ ගම්වැසියන් නින්දේ පසුවෙද්දී බව සහන සේවා නිලධාරීහු පවසති.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd