නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් ගුවන් තොටුපොළට ඊයේ (27) උදෑසන එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර හත් දෙනෙක් තුවාල ලැබූහ. ජලල්ලාබාද් නුවර අයත් වන්නේ ඇෆ්ගනිස්තානයේ නන්ගහාර් පළාතටය. නන්ගහාර් පොලිස් ප‍්‍රකාශක හස්රාත් මොහොමඞ් කියා සිටියේ එය කාර් බෝම්බ ප‍්‍රහාරයක් බවය. ප‍්‍රහාරයෙන් පසු නේටෝ හමුදාව ගුවන් තොටුපොළට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බව ද වාර්තා වේ. එය තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රහාරයක් යැයි අනුමාන කෙරේ. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ගුවන් තොටුපොළේ නේටෝ හමුදා නිලධාරීන් ද සිටි බවත් ඔවුන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවූ බවත් ආරක්ෂක අංශ පවසයි.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd