IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇෆ්ගන් ගුවන් තොටුපොළේ බෝම්බයක් පිපිරී හයක් මරුට

නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ජලල්ලාබාද් ගුවන් තොටුපොළට ඊයේ (27) උදෑසන එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර හත් දෙනෙක් තුවාල ලැබූහ. ජලල්ලාබාද් නුවර අයත් වන්නේ ඇෆ්ගනිස්තානයේ නන්ගහාර් පළාතටය. නන්ගහාර් පොලිස් ප‍්‍රකාශක හස්රාත් මොහොමඞ් කියා සිටියේ එය කාර් බෝම්බ ප‍්‍රහාරයක් බවය. ප‍්‍රහාරයෙන් පසු නේටෝ හමුදාව ගුවන් තොටුපොළට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බව ද වාර්තා වේ. එය තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රහාරයක් යැයි අනුමාන කෙරේ. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේදී ගුවන් තොටුපොළේ නේටෝ හමුදා නිලධාරීන් ද සිටි බවත් ඔවුන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවූ බවත් ආරක්ෂක අංශ පවසයි.



අදහස් (0)

ඇෆ්ගන් ගුවන් තොටුපොළේ බෝම්බයක් පිපිරී හයක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site