IMG-LOGO

ලන්ඩන් පත්තර පාත්තුමාට උපහාස කරයි

 

ලෝකයේ කෝටි 120 පමණ වන කතෝලිකයන්ගේ ආගමික නායකයා ලෙසින් ආජන්ටීනා ජාතිකයකු පත්වීම බි‍්‍රතාන්‍ය මාධ්‍ය නුරුස්සන බවත් දකුණු ඇමෙරිකාවේ බලගතු රටක් වන ආජන්ටීනාවට ආසන්නයේ පිහිටි ෆෝක්ලන්ඞ් දුපත් සමූහයේ අයිතිය  සම්බන්ධයෙන් කාලාන්තරයක් තිස්සේ බි‍්‍රතාන්‍යය සමඟ පවතින මතගැටුම මෙයට පසුබිම වී ඇති බවත් විචාරකයෝ  කියති. 
වර්ග කිලෝමීටර් 12,000 තරම් කුඩා වූ වර්ග ප‍්‍රමාණයකින් යුතු ෆෝක්ලන්ඞ් දිවයින්වල මුළු ජනග‍්‍රහනය 2800ක් පමණකි. ඒ සියලූදෙනාම බි‍්‍රතාන්‍ය වැසියෝ වෙති. පාලනය කරනු ලබන්නේ බි‍්‍රතාන්‍ය විදේශ භූමියක් ලෙසය.
ආජන්ටීනාව ‘‘මල්වීනාස්’’ නමින් හඳුන්වන මෙම කුඩා කොදෙව් දිවයින් තම රටට අයත් බවට කාලයක් තිස්සේ කියා සිටී.
1982 දී ආජන්ටීනා හමුදා මෙම දිවයින් කිසිදු දැනුම්දීමක් නොකොට ආක‍්‍රමණය කොට අල්ලා ගත්තේය. බි‍්‍රතාන්‍යයේ මාර්ගරට් තැචර් අගමැතිනියගේ පාලන සමයේ සිදුවුණ මෙම ආක‍්‍රමණය නිසා බි‍්‍රතාන්‍ය හමුදා සහ ආජන්ටීනා හමුදා අතර මාස දෙකක් තිස්සේ ඉතා දරුණු මෙන්ම අමිහිරි සංග‍්‍රාමයක් සිදු විය.
මේ කාලයේ ආජන්ටීනාව පාලනය කලේ ජනරාල් ලියෝපෝල්ඩෝ ගල්ටියෙරි නම් වූ ආඥාදායක හමුදා නායකයෙකි.
යුද්ධයෙන් බි‍්‍රතාන්‍යයට ජය අත්වූවද එම යුද්ධයේ අමිහිරි මතක මේ රටවල් දෙකේම දේශමාමක පුරවැසියන්ගේ සිත්හි තවමත් කාවැදී පවතී.
එම යුද්ධය සිදුවූ කාලවකවානුවේදී ආජන්ටීනාවේ අග රදගුරු ලෙස සිටි වත්මන් පාප් වහන්සේ යුද්ධය සඳහා තම ආශිර්වාදය දුන් බවත් 1976 සිට 1983 දක්වා ආජන්ටීනාව පාලනය කල හමුදා ජුන්ටාවේ අඥාදායකත්වය මෙන්ම ඒ කාලයේ සිදුවූ ප‍්‍රාණඝාත අතුරුදන් වීම සහ අසාමාන්‍ය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඉදිරියේ කරබාගෙන සිටි බවත් බි‍්‍රතාන්‍ය පුවත්පත් වල උදහසට ලක් වී ඇති කාරණාවයි.
මෙයට අමතරව වත්මන් පාප් වහන්සේට ඉංග‍්‍රීසි භාෂාව හැසිරවීමට නොහැකිවීමද ඔවුන් දකින තවත් අඩුවක් බව  උලූප්පා පෙන්වති.
පාප්වහන්සේ තමන්ගේ කෙනකුවීම නිිසා ෆෝක්ලන්ඞ් දිවයිනට උරුමකම්කීමට යළිත් ඉදිරිපත් වීමට එරට වැසියන් උසිගැන්වීමටද හොඳ අවස්තාවක් උදාවී ඇති බවද බි‍්‍රතාන්‍ය පුවත්පත් සඳහන් කර ඇත.
මේ සඳහා උපහාසාත්මක ශිර්ෂ පාඨයන් ද යොදාගෙන ඇත. එවන් එක් සිරස්තලයක නව පාප්වහන්සේ හඳුන්වා දී ඇත්තේ ‘‘දෙවියන්ගේ හස්තය’’ ලෙසටය.
එම උපහාසාත්මක සිරස්තලය යොදාගැනීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ 1986 ජුනි 22 වෙනිදා එංගලන්තය සහ ආජන්ටීනාව අතර පැවති පාපන්දු ලෝක සූරතා තරඟයේදී අජන්ටීනාවේ නායක ලෝපතල ක‍්‍රීඩක දියෝගෝ මැරඩෝනා බෝලය අතින් අල්ලා විසිිකිරීමෙන් ලබාගත් ‘‘ගෝලය’’ සම්බන්ධ සිදුවීම සමඟ නව පාප් වහන්සේගේ පත්වීම ගැලපීමටය.
එම සිදුවීම මැරඩෝනා එදා කීවේ එය ‘‘දෙවියන්ගේ හස්තයෙන්’’ ලබාදුන් ගෝලයක් ලෙසය.
ලෝකයේ වෙනත් රටවල පුවත්පත් නව පාප් වහන්සේගේ පත්වීම පිළිබඳ විස්තරාත්මක වාර්තා පළකර තිබිනි. 

 



අදහස් (0)

ලන්ඩන් පත්තර පාත්තුමාට උපහාස කරයි

උපුල් Friday, 15 March 2013 04:15 PM

දැන් නිකන් හිතන්න අපේ කාර්දිනල්තුමා බැරිවෙලාවත් පත් වුණා නම් අපේ රටේ අයම මොන තරම් උන්වහන්සේගේ වැරදි කියයිද ? ඒක තමයි මනුස්ස ස්වභාවය. ජේසුස් වහන්සේටත් මොන තරම් නම් බොරු චෝදනා කළාද ? (නි)

:       0       0

පී නෝනිස් Friday, 15 March 2013 04:27 PM

දෙවියන් වහන්සේ ඉංග්‍රීසි විතරද දන්නේ? (නි)

:       0       0

සදුන් Friday, 15 March 2013 05:26 PM

බටහිර රටක කෙනෙක් පත් වුණා නම් කට්ටියටම එයාව සර්ව නිර්දෝෂියි. (නි)

:       0       0

උදය Friday, 15 March 2013 05:45 PM

පාප්වහන්සේට අපි සුභ පතමු. එතුමා කෙළින් වැඩකරන කෙනෙක් වෙතියි අපි බලාපොරොත්තු වෙමු. (නි)

:       0       0

නවින් Saturday, 16 March 2013 07:23 PM

මොකද්ද මෙතුමා සමග තියෙන තරහා (දී)

:       0       0

සිරිමල් Saturday, 16 March 2013 01:33 PM

හැම ආගමකම ගුණ ධර්ම පස්සට තල්ලුකරදමා ඉහලින්ම තියාගෙන ඉන්න දේව සංකල්පය තමා ලොකුම මිත්‍යාව. කොයි ආගමේ වුණත් තිබෙන ගුණ ධර්ම වලටයි මුල් තැන දිය යුත්තේ (ස)

:       0       0

අමිල කටුනායක Friday, 15 March 2013 06:20 PM

පළමුව ගල් පැමිණියාට ඉන්පසුව මල් පැමිණේ. (නි)

:       0       0

දම්මි Saturday, 16 March 2013 07:28 AM

පාප් වහන්සේ තේරුවේ දෙවියන්ගේ කැමැත්තත් සමග නේද? (නි)

:       0       0

වික්ටර් Saturday, 16 March 2013 07:37 AM

අද ලෝකයේ බොහෝ දෙනා ගිලී ඉන්නේ මිත්‍යාවකයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 15 March 2013 07:34 PM

යුරෝපයෙන් පිට පාප්තුමෙක් බිහිවෙනවට යුරෝපා ජාතිකයින් අකමැති ඇති. (නි)

:       0       0

අයිවන් Saturday, 16 March 2013 02:43 PM

සුදුස්සාට තැන දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු වේවා ! (ස)

:       0       0

කාමෙල් Saturday, 16 March 2013 09:13 PM

මේ ලෝකෙ ඉන්නව දඩ කුහකයො ටිකක්. මොනව දැමිවත් ගරහන වචන වලින් ලියන්නෙ. මුන් තමන්ගෙ අම්මවත් සමහර විට පාවා දෙන ඡාතිය. මදනමෝදකය බීල කොමන්ට් දාන්නෙ එක වෙලාවකට බුදුන්ට ගරහනව. අල්ලට ගරහනව. දෙයියන්ට ගරහනව තමුන්ගෙ ඡානවල වැරැද්ද වෙන මොනව කියනිනද?(නදී)

:       0       0

නන්දන Sunday, 17 March 2013 04:48 PM

ඒ මොකද ඒ (දී)

:       0       0

උපුල් Friday, 15 March 2013 04:10 PM

ලෝකය පටන් ගත්ත දවසේ ඉදලම තිබුණු කුහකකම පාපය අනෙකාට ඇගිල්ල දික් කිරීමනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 74 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 633 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site