IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මානසික උපදෙස් නොමිලේ

අතුරුදන්වූවන් සිටින පවුල් වල සාමාජිකයින්ට මානසික උපදේශන සේවා සැපයීමට උතුරු හා නැගෙනහිර පළාත්වල අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කර ඇති ජනාධිපති කොමිසම කටයුතු කරමින් සිටී.

අතුරුදන්වූවන් සිටින පවුල්වල සාමාජිකයින්ගේ මානසික ආතතිය යම් තරමකට හෝ දුරු කරලීමට ඔවුන්ට මෙම උපෙද්ශන සේවා ආධාර වනු ඇතැයි අපේක්ෂාකෙරේ.

කොමිසමේ වැඩකටයුතු භාරව සිටින ති්‍රපුද්ගල මණ්ඩලය පවසන්නේ 1990 සිට 2009 වසර දක්වා පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 18000 ක් පමණ ලැබී තිඛෙන බවයි.ඒවායින් 5000 ක් පමණ ශී්‍රලංකා ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ අතුරුදන්වීම් ගැන පැමිණිලි වන බව මණ්ඩලය කියයි.

සාක්ෂි මද කම නිසා අතුරුදන්වූවන් සම්බන්ධයෙන් නිසි තොරතුරු ඔවුන්ගේ ඥාතීන් හා පවුල්වල සාමාජිකයින් වෙත ලබාදීමට අපහසු වී තිඛෙන්නේයැයි කොමිසමේ ලේකම් ධුරය හොබවන එච්.ඩබ්ලියු ගුණදාස මහතා පෙන්වාදේ.අනෙක් අතට අතුරුදන්වූවන් සිටින පවුල්වල සාමාජිකයින් හා ඥාතීන් මරණ සහතික හෝ අතුරුදන්වූ පුද්ගලයා වෙනුවෙන් රජය පිරිනමන ආධාර හෝ ලබාගැනීමට අකමැති බවත් ඔවුන් එම පුද්ගලයා තවමත් ජීවත් වන්නේ යැයි බලාපොරොත්තු දල්වාගෙන සිටින බවත් ඔහු පවසයි.

මෙවන් පුද්ගලයින්ට මානසික උපදේශන සේවා හා සමාජීය මෙන්ම මානසික සුවය ලබා ගැනීම සදහා සහය ලබා දිය යුතුයැයි උගත් පාඩම් හා සංහිදියා වාර්තාවෙන්ද හදුනාගෙන තිඛෙන්නකි.

උගත් පාඩම් හා සංහිදියා වාර්තාව විදෙස් රටකින් සකස් කරන වාර්තාවකින් නොව ශී්‍රලංකාවම සකස් කරන වාර්තාවකින් තිස් වසරක යුද්ධයේ පසු විපරමක් සිදුකර ගැටලූ ඇති තැන්හිදී අවශ්‍ය පියවර ගැනීමට සකස් කෙරුණකි.



අදහස් (0)

මානසික උපදෙස් නොමිලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site