IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


සිරියා විපක්ෂ කණ්ඩායම්වලට බි‍්‍රතාන්‍යයෙන් මුදල් ආධාර

සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට උත්සහ ගන්නා කැරැලිකරුවන් නියෝජනය කරන එරට විපක්ෂ දේශපාලන පක්ෂ එක් ව පිහිටු වූ ‘සිරියානු ජාතික පාලක මණ්ඩලය’ ට ලක්ෂ ගණනක මුදල් ආධාර ලබා දීමට තමන් කටයුතු කරන බව බි‍්‍රතාන්‍යය පවසයි. ලබා දෙන එම ආධාර අතර වෙඩි නොවදින කබා, වෛද්‍ය සහ සන්නිවේදන උපකරණ රැසක් ඇතුළත් වන බව බි‍්‍රතාන්‍ය විදේශ ඇමැති විලියම් හේග් පවසයි. බි‍්‍රතාන්‍යය කැරැලිකාර පාර්ශවයේ පැත්ත ගෙන ඔවුන්ට සහය දෙනවා නොව විපක්ෂ දේශපාලනඥයන්, සිවිල් වැසියන් සහ ගැටුමට මැදිව සිටින මානව කි‍්‍රයාකාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම උපකරණ තොගය ලබා දෙන බව බි‍්‍රතාන්‍ය විදේශ ඇමැතිවරයා අවධාරණය කරයි. කැරැුලිකාර පාර්ශවය නියෝජනය කරන දේශපාලන හඬ වන්නේ සිරියානු ජාතික පාලක මණ්ඩලයයි. සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ ඒකාධිපති පාලනය පෙරළා රටේ නව පාලනයක් ස්ථාපිත කිරීමට උත්සාහ ගන්නේ ද ඔවුන්ය. බි‍්‍රතාන්‍ය සිරියානු ජාතික පාලක මණ්ඩලයට හෝ කැරැලිකරුවන්ට අවි ආයුධ ලබා නොදන බව ද විදේශ ඇමැතිවරයා පවසයි. ඔහු මේ බව කියා සිටියේ පෙරේදා (11) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.



අදහස් (0)

සිරියා විපක්ෂ කණ්ඩායම්වලට බි‍්‍රතාන්‍යයෙන් මුදල් ආධාර

ශ්‍රියා Monday, 13 August 2012 04:05 PM

අයියෝ සල්ලි

:       0       0

පුලස්ති Wednesday, 15 August 2012 02:41 AM

එදා ඉදලා මෙයාලා කරන්නේ මේකනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1131 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site