IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ආරක්ෂක ගිවිසුම අලූත් කරන්න ජනපති ඔබාමා ඕස්ටේ‍්‍රලියා යයි

ඕස්ටේ‍්‍රලියාව සහ ඇමෙරිකාව අතර හැට වසරක සිට පවතින ආරක්ෂක ගිවිසුම අලූත් කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ඊයේ (16) ඕස්ටේ‍්‍රලියාවට පැමිණියේය. ආර්ථික බලවතකු ලෙස චීනයේ පිබිඳීමත් සමඟ ආසියාව සම්බන්ධයෙන් සිය විදේශ ප‍්‍රතිපත්ති වර්තමානයට ගැලපෙන අයුරින් වෙනස් කිරීමට ඔබාමාගේ ඕස්ටේ‍්‍රලියා සංචාරයේ එක් අරමුණක් වේ. තම ජන්ම භූමිය වන හවායි දූපතේ පැවැති ‘ඇපෙක්’ සමුළුවට සහභාගී වීමෙන් පසු ඔබාමා ඕස්ටේ‍්‍රලියා සංචාරය ආරම්භ කළ අතර ඔහු රැගත් එයාර් ෆෝස් වන් ගුවන් යානය ඊයේ උදෑසන ස්ටේ‍්‍රලියාවේ කැන්බරා අගනුවරට ගොඩබෑවේය. ඇමෙරිකා හමුදා ඉරාකයෙන් සහ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමෙන් පසු ආසියානු ආරක්ෂක ප‍්‍රතිපත්ති සංශෝධනය කර ඕස්ටේ‍්‍රලියාව සමඟ ආරක්ෂක සහ ආර්ථික සම්බන්ධතා තර කර ගැනීමට ද ඔබාමා සූදානමින් සිටින බව ඇමෙරිකානු ජාතික ආරක්ෂක නියෝජ්‍ය උපදේශක බෙන් රෝඩ්ස් පවසා තිබේ. ඔහු ද ජනාධිපති ඔබාමා සමඟ කැන්බරා නුවරට පැමිණි අතර ඔහු එම අදහස් මාධ්‍යවෙත ලබා දුන්නේ එයාර් ෆෝස් වන් ගුවන් යානයේ සිටය. අද දිනයේ (17) ජනාධිපති ඔබාමා, ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තුව ඇමැතීමට නියමිතය. ඊට පෙර ඔහු ඕස්ටේ‍්‍රලියා අගමැතිනී ජුලියා ගිලාඞ් හමුවීමටත් දෙදෙනා එක් වී මාධ්‍ය හමුවක් පැවැත්වීමටත් නියමිතය. ඕස්ටේ‍්‍රලියා සංචාරයෙන් පසු ඔබාමා අනිද්දා (සෙනසුරාදා 19) ඉන්දුනීසියාවේ සංචාරයකට සහභාගී වීමට නියමිතව. ජනාධිපති ඔබාමා ඉන්දුනීසියාවේ පැවැත්වෙන ‘පෙරදිග ආසියානු සමුළුවට ද සහගාවී වනු ඇත. එම සමුළුවට ඇමෙරිකාවත් රුසියාවත් මෙවර සහභාගී වන්නේ ප‍්‍රථම වතාවටය. ඕස්ටේ‍්‍රලියා අගමැතිනි ගිලාඞ් (වමේ) ඔබමා පිලිගනිමින්



අදහස් (0)

ආරක්ෂක ගිවිසුම අලූත් කරන්න ජනපති ඔබාමා ඕස්ටේ‍්‍රලියා යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site