IMG-LOGO

ඔබාමගේ කැමරන්ගේ හැසිරීමට බිංදුව

නෙල්සන් මැන්ඩෙලාගේ අවමගුල් උත්සවය අතරතුරදී ඇමරිකන් ජනපති බැරක් ඔබාමා හා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හැසිරුණු ආකාරය මාධ්‍ය අවධානය දිනා ගැනීමට සමත් විය.

ප්‍රෙක්ෂකාගාරයේ සිටිනාතුර තම තමන්ගේ ඡායාරූප  ගැනීමට කටයුතු කළ ආකාරයත් සතුටු සාමිච්චියේ යෙදී සිටි ආකාරයත් දැක ගත හැකි වුණි.

මේ දෙන්නා ඩෙන්මාර්ක අගමැතිනී හෙල්ලේ තෝර්නින්ග් ෂ්මිඩ්ට් සමග ඡායාරූපයකට පෙනී සිටියහ. බරක් ඔබාමාට පසෙකින් සිටි ඔහුගේ බිරිද මිෂෙල් ඔබාමා ඒ දැක මුහුණ නරක්කරගෙන සිටිනු  දැක ගත හැකි විය.

ප්‍රේක්ෂකාගාරයේ රැස්ව සිටි අති බහුතරයකට සංවේදී අවස්ථාවක් වූ මෙහිදී ලෝක ප්‍රබලයන් හැසිරුණු ආකාරය මේ වන විට දැඩි සේ විවේචනයට ලක් වී තිබේ.

ඇමරිකා ජනපති බැරක් ඔබාමා අවමංගල්‍ය උත්සවයට සහභාගී වූයේද පැයක් ප්‍රමාදවය. නමුත් ඔහු  සාදරයෙන් පිළිගැනීමට රැස්ව සිටි සියල්ලෝම කටයුතු කළහ.

නෙල්සන් මැන්ඩෙලා සම්බන්ධයෙන් ඔහු කළ කතාවද සියලූදෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය.



අදහස් (0)

ඔබාමගේ කැමරන්ගේ හැසිරීමට බිංදුව

රාජකරුණා Wednesday, 11 December 2013 03:03 PM

ඇමරිකාවෙන් නිසා පොල් පිත්තක් ගියත් හැමෝගෙම සැලකිම ලැබෙනවා. ලෝකයේ පොලිස් කාරයා නිසා. (ස)

:       0       0

සාරධා Wednesday, 11 December 2013 07:43 PM

ඔය දෙන්නගේ හැසිරීම බින්දුවයි කියලා අපි නම් කලින්ම දන්නවා.(නදී)

:       0       0

පැංචි Thursday, 12 December 2013 06:02 AM

එන්න එපා පද හදන්න...ලොකු කපුවෝ ඕනෑම දේවාලෙක පහරනවා...බලන්නකෝ මුනේ ආතල් එක...(අ)

:       0       0

අමිල - කටුනායක Wednesday, 11 December 2013 04:37 PM

කොහොමත් දිය යටින් ගින්දර දෙන කට්ටියනෙ. (ස)

:       0       0

නඩරාජා Thursday, 12 December 2013 08:21 AM

සුද්දා කොහොමටත් කල්ලන්ට කැමති නැහැ (නි)

:       0       0

මදු ..ප්‍රන්සය Wednesday, 11 December 2013 09:18 PM

ලංකවේ වගේ ඇමතිලා, සභාපති ලා වගේ නම් හැසිරිලා නෑ. ඔබාමා කියන්නේ හොද නිහතමානි නායකයෙක්. පල ඇති රුක ට නේ ගල් මුල්. ඇමරිකාවට ජය ! (නදී)

:       0       0

රෝයි Thursday, 12 December 2013 08:27 AM

අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හැසිරීම ඉතා ප්‍රශංසනීයයි. (නි)

:       0       0

බෙනට් Thursday, 12 December 2013 08:36 AM

ලෝක නායකයින්ගේ ළමා හැසිරීම .... (ස)

:       0       0

ඩෑම් Thursday, 12 December 2013 09:07 AM

මදු,ප්‍රංශය,ඔයාගේ ප්‍රශ්නය බුද්ධිය අවමවීමයි. ඔයා ප්‍රංශයටම වෙලා ඉන්න. ඒක ලංකාවේ මිනිස්සුන්ට කරන ලොකු උදව්වක (නි)

:       0       0

සේරම් Thursday, 12 December 2013 09:14 AM

ඔය සුදු ඇඳුම් ඇඳගෙන ගෞරවනීය විදිහට හැසිරෙන ඉන්න අය තමයි ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. ශ්‍රී ලාංකික අපිට ඔයගැන අත්දැකීම් තියෙනවනේ හොඳට (නි)

:       0       0

ප්‍රවීන් Thursday, 12 December 2013 09:17 AM

මදු ඔබ හරි ! (ස)

:       0       0

චරිත් Thursday, 12 December 2013 10:46 AM

පල ඇති රුකටම ගල් ගහන්නේ? අපේ ඉන්න මෝඩ එවුන්ට ඔබාමාගේ හැසිරීම පංකාදුයි. අනේ මන්දා. මම නම් දන්නවා ඔවුන් එතනට ගියේ මැන්ඩෙලාට තියෙන ආදරේට නෙවේ. (ස)

:       0       0

සුමංගල ඇල්පිටිය Wednesday, 11 December 2013 06:46 PM

ඉන්නකන් විතරයි මේ හැමදෙයක්ම (නි)

:       0       0

අල්විස් Wednesday, 11 December 2013 06:51 PM

අවමංගල උත්සවයේ දී කැපී නොපෙනෙන ලෙසින් හිටියත් මම නම් කැපී පෙනුනු චරිතයක් දැක්කා. ඒ තමා ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබර්ට් මහතා. ඉතාම ගෞරවනීය ලෙස හැසිරුණ ආකාරය මම බලාගෙන හිටියා. (නි)

:       0       0

කමල් Wednesday, 11 December 2013 06:56 PM

ඔහුගේ සංවරකම ගැන අපි දන්නවා (නි)

:       0       0

අහිංසක Thursday, 12 December 2013 02:21 AM

ඒ විදිහට හැසිරෙන නායකයෝ දෙන්නෙක් කියලා කියන්න පුළුවන්ද මේ ජනාධිපතිවරු? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 11 December 2013 02:41 PM

ඕකනේ කියන්නේ කිරි කළයක් දොවලා ගොම ටිකක් එක් කළා වගේ කියලා (නි)

:       0       0

ලාල් Thursday, 12 December 2013 03:10 AM

ඕවායේ ඡායාරූප එහෙම නැද්ද අපිට බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 35 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site