බටහිර නේපාලයේ සිදුවූ බස් රථ අනතුරකින් 23 දෙනෙකු මියගොස් ඇතැයි එරට පොලිසිය පවසයි.
උද්භිද විද්‍යා ක්ෂේත්‍ර චාරිකාවක නිරත වී සිටි පාසල් ළමුන් සහ ගුරුවරුන් ගමන්ගත් බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇත.
බස් රථය මීටර් 700 ක් පමණ (අඩි 2,300 ක්) ප‍්‍රපාතයකට පෙරළී අනතුර සිදු වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ 37 දෙනෙකු බස් රථය තුළ සිට ඇති අතර ඉන් 23 ක් මිය ගොස්, 14දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇත. මිය ගිය සිසුන් අවුරුදු 16 ත් 20 ත් අතර වයසේ පසුවන්නන් වන අතර අනතුරින් ගුරුවරු 2ක් සහ රියදුරු ද මිය ගොස් ඇත.
වේගය පාලනය කරගත නොහැකිවීම නිසා මෙම අනතුර සිදු වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
අපරික්ෂාකාරී රිය පැදවීම්, දුර්වල මාර්ග, සහ තවත් හේතු නිසා නේපාලයේ රිය අනතුරු බහුලව සිදුවේ.
පසුගිය සතියේ දී මධ්‍යම නේපාලයේ ඇති වූ ට‍්‍රක් රථ අනතුරකින් ද පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
(63226 )
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නේපාලයේ බස් අනතුරකින් 23 දෙනෙකු මරුට