IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


යුරෝපයේ ලංකා සැණකෙළිය ලන්ඩනයේ දී

යුරෝපයේ විශාලතම ශ්‍රී ලංකා සැණකෙළිය ලෙස හඳුන්වන ලන්ඩන් නුවර ශ්‍රී ලංකා ක්‍රිකට් සැණකෙළිය පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමට පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පාසල්හි ආදී ශිෂ්‍ය සංගම්හි මහා බ්‍රිතාන්‍ය ශාඛා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම සුහද තරඟාවලිය 27 වැනි වතාවට පැවැත්විණි. ඊට කණ්ඩායම් 31 ක් සහභාගී වුහ.

ක්‍රිකට් තරග වලට අමතරව ළමයින් සඳහා විශේෂ වැඩසටහන්. ශ්‍රී ලාංකික ආහාර පාන කුළුබඩු පලතුරු සහ එළවළු පොත්පත් ආදිය අලෙවිහල් මෙන්ම ලන්ඩන් නුවර ක්‍රියාත්මක ශ්‍රී ලාංකික වෙළඳ ව්‍යාපාර පිළිබඳ ප්‍රචාරක කුටි ආදිය ද  දක්නට ලැබිණි.

ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායම් ද එහි විය. ශ්‍රී ලාංකික වෙළඳසැල් බොහොමයක් පවත්වාගෙන ගියේ විද්‍යාල ආදි ශිෂ්‍ය සංගම් සහ වෙනත් සුභසාධක සංවිධාන විසිනි. එමඟින් උපයන ලද සියලුම මුදල් එම සංවිධාන ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කෙරෙන විවිධ සමාජ සුභසාධක වැඩ කටයුතු සඳහා යොදා ගනිතියි කියති.

ක්‍රිකට් සැණකෙළියෙන් උපයන මුදල් ශ්‍රී ලංකා පිළිකා සංගමය සහ බ්‍රිතාන්‍ය පිළිකා සංගමය මඟින් ක්‍රියාත්මක කෙරෙන වැඩකටයුතු සඳහා ආධාර වශයෙන් පිරිනමන බව සංවිධායකයෝ කියති.

අවසන් තරගය පැවැත් වුණේ රාජකීය විද්‍යාලය සහ ශාන්ත පීතර කණ්ඩායම අතරය. තරගයේ ජය ශාන්ත පීතර කණ්ඩායමට හිමිවිය.

1[1] 2[1] 6[2] 8[2] 11[2] 12[1] 14[1] 16[1] 17[1]



අදහස් (0)

යුරෝපයේ ලංකා සැණකෙළිය ලන්ඩනයේ දී

අනුර Wednesday, 05 August 2015 08:38 AM

මේ උත්සවය ආනන්දයේ ආදී ශිෂ්‍ය චන්දන පෙරේරා මහතාගේ මුලික සංකල්පයක් බව පැවසිය යුතුය.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site