|
|
මලාලා දැරිය |
තලේබාන් සටන්කාමීයකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්වූ පාකිස්තාන දැරිය මලාලා යූසෆ්සායිගේ බිඳී ගිය හිස් කබලට ටයිටේනියම් තහඩුවක් බද්ධ කිරීමට බි‍්‍රතාන්‍ය වෛද්‍යවරු සැරසෙති.
පාකිස්තානයේ ස්වාත් නිම්නයේ පදිංචිකාරියක වූ 15 හැවිරිදි මලාලා තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකින් බරපතල තුවාල ලැබුවේ මීට සිව් මසකට පෙරදීය.
තලේබාන් සටන්කාමියා ඇය සොයමින් ඇය අසලට පැමිණ, ඇයගේ හිසට වෙඩි තැබුවේ ඇය පාසල් බස්රියේ අසුන්ගෙන නිවස බලා යෑමට සූදානමින් සිටිද්දීය.
ඉතා අසාධ්‍ය තත්ත්වයක පසුවූ මලාලාට වැඩිදුර ප‍්‍රතිකාර ලබාදෙන්නේ බර්මින්හැම්හි එලිසබත් රැජින රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ය. ඇගේ ප‍්‍රතිකාර සියල්ල සිදුවන්නේ බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහයෙනි.
ඉදිරි දින 10 ඇතුළතදී අදියර කිහිපයක් යටතේ මලාලාගේ හිසට එම ටයිටේනියම් තහඩුව බද්ධ කිරීමේ සැත්කම සිදු කරන බව විශේෂඥ වෛද්‍යවරු පවසති.
මලාලා, ඇගේ සොයුරන් දෙදෙනා, මව සහ පියා මේ වනවිට පදිංචිව සිටින්නේ බි‍්‍රතාන්‍යයේය. ඔවුන්ට බි‍්‍රතාන්‍ය රජයේ විශේෂ ආරක්ෂාවක් ද හිමිවෙයි.
|
හිස් කබලට බද්ධ කරන තහඩුව |
|
හිස් කබල බිඳී ඇති අයුරු දැක්වෙන රූප සටහනක් |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද දියුණු වෛද්‍ය විද්‍යාව (ස)
ටයිටේනියම් තහඩු ටිකක් අපිටත් එවන්නකෝ, ඔලුව ලොකු අයට බද්ධ කරන්න. (නි)
දින කීපයකට පෙර ඇමරිකානු සෙබළෙකුට අත් දෙකම බද්ධ කරලා තිබෙනවා මම දැක්කා. (නි)