IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තලේබාන් ප්‍රහාරයෙන් මියගිය පිරිස 140 ඉක්මවයි

(රොයිටර් ඇසුරිනි - 055)
ඇෆ්ගනිස්තානයේ හමුදා කඳවුරකට කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 140 දෙනකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට බලධාරීහූ පවසති. හමුදා ඇඳුම්වලට සමාන ඇඳුමින් සැරසී පැමිණි තලේබාන් සාමාජිකයන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයිද මෙම ප්‍රහාරය මෑතකාලයේ ඇෆ්ගනිස්තානයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය යැයි ද එරට බලධාරිහු සඳහන් කළහ.
ඇෆ්ගන් සොල්දාදුවන් 100 කට වැඩි පිරිසක් මෙම ප්‍රහාරයෙන් මියගොස් සහ තුවාල ලබා ඇතැයි එරට ආරක්ෂක අංශය නිවේදනය කළේය. 
සොල්දාදුවන් 140 කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි ප්‍රහාරය එල්ල වූ මසාර් ඊ ෂරීෆ් ප්‍රදේශයේ නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද එම නිලධාරියා පවසා තිබේ. මියගිය සහ තුවාල ලද පිරිස් තවත් වැඩි විය හැකි බව තවත් නිලධාරීන් පිරිසක් කියති. 
රජය ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස් සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් මෙතෙක් කර නොමැති නිසා නිලධාරීන් කිසිවකුත් තම අනන්‍යාතව හෙළි නොකරන කොන්දේසිය මත මියගිය සහ තුවාල ලැබූ පිරිස් සම්බන්ධයෙන් අදහස් දැක්වූහ. 
ඇෆ්ගන් හමුදාවල නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරැසි තලේබාන් සටන්කරුවන් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර හමුදාවේ වාහනවලට සමාන වාහනවලින් ඔවුන් ප්‍රහාරය සඳහා පැමිණ ඇත. සටන්කරුවන් හමුදා කඳවුර තුළට වාහනවලින් කඩාවදිමින් නිරායුද හමුදා සොල්දාදුවන් වෙත වෙඩි තබා තිබේ. වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී හමුදා සාමාජිකයන් ආහාර ගනිමින් සිට ඇති අතර සිකුරාදා දිනය නිසා හමුදා සාමාජිකයන් බොහෝ දෙනකු යාඥාවලට සහභාගී වීමට සූදානමින් සිට ඇතැයි බලධාරීහු කීහ.
රොකට් විදින, අත් බෝම්බ, රයිෆල් ප්‍රහාර එල්ල කර ඇති අතර පුපුරණ ද්‍රව්‍ය සහ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල තලේබාන් සටන්කාමීන් විසින් භාවිතා කරනු ලැබ තිබේ. ප්‍රහාරකයන් කවුදැයි හඳුනාගැනීමට ඇෆ්ගන් හමුදාවලට මුල් අවස්ථාවේදී නොහැකි වී තිබේ. 
ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ජාතික හමුදාවේ 209 වැනි බල සේනාංකයේ මූලස්ථානයටය. මෙම හමුදා මූලස්ථානයේ නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ කුන්දූස් පළාතේ පිහිටා ඇති තලේබාන් සටන්කාමීන් සහ ඇෆ්ගන් හමුදා අතර දරුණු ගැටුම් පවතින පළාතකි. තලේබාන් නායකයන් ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව එම සංවිධානයේ සබිහුල්ලාහ් මුජාහිද් ප්‍රකාශයා සඳහන් කර තිබිණි.

 

 

 



අදහස් (1)

තලේබාන් ප්‍රහාරයෙන් මියගිය පිරිස 140 ඉක්මවයි

sisira Kumara Saturday, 22 April 2017 10:53 PM

අපේ රටටත් මෙවැනිම කාලයක් තිබුණා. එත් ඒක ඉතා සුළු කාලයකින් අමතක කිරීමට තරම් අපේ මිනිසුන් ගුණමකු වුණා.හිටපු ජනපති මහින්ද රාජපක්ෂටත් ගෝටාභය රාජපක්ෂටත් ගුණගරුක මිනිසුන් හැටියට අපේ ප්‍රණාමය පුද කල යුතුයි. එම දෙපලට අවංකව එම යුද්ධය නිමකිරීම ගැන මගේ ප්‍රණාමය !!!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site