කෙන්යාවේ නයිරෝබි නුවර සිට කිසුමු නගරය දක්වා ගමන් තරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් 40ක් පමණ මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර කුඩා දරුවන් ද සිටින බව පැවසේ.
පොලිසිය පවසන්නේ තුවාල ලැබූවන් අතර බරපතල තත්ත්වයේ පසුවන කිහිප දෙනකු සිටින හෙයින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බවයි.
රියදුරාට හසුරුවා ගැනීමට නොහැකි වූ බස් රථය පාරෙන් ඉවතට පැන අනෙක් පැත්තට පෙරළී ඇති අතර රථයේ වහල ගැලවී ඇත.
බෑවුමක් සහිත මෙම ස්ථානයේ මීට පෙර ද අනතුරු කිහිපයක් සිදුවී ඇති බව පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ රථයේ මගීන් 52ක් ගමන් කර ඇත.
(බීබීසී ඇසුරිනි - 085)



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.