IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අතුරුදන් යානය ගැන බ්ලොග් අනාවැකියක්

මගීන් හා කාර්යමණ්ඩලය 162 නෙකු සමග අතුරුදන්ව ඇති එයාර් ඒෂියා ගුවන්යානයේ ඉරණම ගැන යානය අතුරුදන්වීමට දින කිහිපයකට ඉහතදී චීන බ්ලොග් සටහන්කරුවෙකු අනාවැකි පළ කර ඇතැයි හෙළිව තිබේ.

‘ලෑන්ඩ්ලෝර්ඩ්‘ යැයි තමන්ව හඳුන්වාදී ඇති මේ බ්ලොග් සටහන්කරුවා ඔහුගේ බ්ලොග් පිටුවේ එයාර් ඒෂියා ගුවන්සේවයට අයත් ගුවන්යානයක් ඉදිරි දින කිහිපයේදී විනාශ කිරීමට නියමිත බවද එය සැළසුම් කර ඇත්තේ ‘කළු අත‘ (බ්ලැක් හෑන්ඩ්) නම් රහසිගත සංවිධානයක් බවද සටහන් කර ඇත.

දින සටහනට අනුව ඔහු එම සටහන තබා ඇත්තේ දෙසැම්බර් මස 17 වැනිදාය.

ඔහු එම සටහන තැබූ දිනයේ ඒ ගැන ඔහුගෙන් වැඩිදුර කරුණු විමසුවත් ඔහු කිසිත් හෙළි කළේ නැති බව ඔහුගේ බ්ලොග් පිටුව නරඹන්නෝ කියති.

ඔහුගේ එම අදහස් විහිලූවකැයි සිතා බැහැර කිරීමට ඔවුන් කටයුතු කර තිබේ. නමුත් දින කිහිපයක් ගෙවී පසුගියදා එයාර් ඒෂියා ගුවන්සේවයට අයත් ගුවන්යානයක් අතුරුදන්ව ඇතැයි පුවත් ලැබෙන විට තම මිතුරු බ්ලොග් සටහන්කරුවා කියූ දේ සැබෑවක් යැයි තේරුම් ගිය බව ඔවුහු කියති.

නමුත් ලෑන්ඩ්ලෝර්ඩ් එම සටහන තැබූ දිනයේ පටන් තම බ්ලොග් පිටුවට නැවත පැමිණ නැත. ඔහුද අතුරුදන්ය.

මේ බ්ලොග් සටහන්කරුවා කවරකු වන්නට ඇත්දැයි මේ දිනවල අන්තර්ජාලයේ නොයෙක් තැන්හි අදහස් පළ කෙරෙන අතර බොහෝ දෙනා කියන්නේ මොහු චීන බුද්ධි අංශයට සම්බන්ධ පුද්ගලයෙකු විය හැකි බවයි. නමුත් මෙසේ ගුවන්යානය අතුරුදන්වීමක් ගැන හරියටම අනාවැකි පළ කිරීමට ඔහුට හැකිවූයේ කෙසේදැයි යන්නට නිසි පැහැදිලි කිරීමක් ලබාදෙන්නට තවමත් කිසිවෙකුටත් හැකිව නොමැත.

ඔහුගේ පැරණි බ්ලොග් සටහන් වල මලයාසියා ගුවන්සේවයට අයත් හා මේ දක්වාම අතුරුදන්ව තිබෙන එම්.එච් 370 අංක දරන ගුවන්යානයත්, එම ගුවන්සේවයටම අයත් මගීන් සමගම යුක්රේනයේදී විනාශ කෙරුණු එම්.එච් 17 අංක දරන ගුවන්යානය ගැනත් සටහන් ඇත. ගුවන්යානා වල ඉරණම පසුපස සිටින්නේද බ්ලැක් හෑන්ඩ් සංවිධානය බව ඔහු සඳහන් කර ඇත.

බ්ලොග්කරුවන් මේ ගැන දැඩි උනන්දුවකින් කටයුතු කරතත් ගුවන්සේවා බලධාරීන් මේ සම්බන්ධව වැඩි අවධානයක් යොමුකර නොමැත. බ්ලොග් සටහන්කරුවෙකු කළ හුදු සටහනක් අවාසනාවන්ත ලෙස සැබෑ වූ අවස්ථාවක් ලෙස ඔවුන් එය හඳුන්වාදේ.

අතුරුදන්ව ඇති යානය සොයා මේ වන විට මෙහෙයුම් කි‍්‍රයාත්මකය. යානය අතුරුන්වූ මුහුදු කලාපයේ තිබී තෙල්පැල්ලමක් සමුව තිබෙන අතර එය ගුවන්යානා ඉන්ධනවලින් ඇතිවූ එක්කදැයි සොයාබලමින් පවතින බව බළධාරීන් කියයි.



අදහස් (0)

අතුරුදන් යානය ගැන බ්ලොග් අනාවැකියක්

සමන්ති Wednesday, 31 December 2014 12:50 AM

පරිගණකයෙන් බ්ලොග් පිටුවට ගොස් ලියා ඇති භාෂාව දන්නේ නම් කියවිය හැක. අනාවැකි කීම හරියටම කියන්න පුලුවන්ද, බැරිද කියන එක ප්‍රශ්නයක්. (නි)

:       0       0

ප්‍රියංක Friday, 02 January 2015 03:31 AM

බ්ලොග් කියන්නේ සටන්කරුවෝ නෙමේ බ්ලොග් කියන්නේ වෙබ් සයිට් වගේ ඒවාට උදා:- මාගේ බ්ලොග් එකක් (නදී)

:       0       0

පර Tuesday, 30 December 2014 11:00 AM

කුඩා බ්ලොග් සටන් කරුවෝ කියන්නේ කවුද? අපිට එයාලගේ අනාවැකි කියවන්ඩ පුලුවන්ද?(දිල්)

:       0       0

ජිලෝ Tuesday, 30 December 2014 01:03 PM

අර අපේ සුප්‍රසිද්ධ අනාවැකි කියන කෙනා මේ පාර නම් ගුවනේදී අතුරුදහන් වුන යානාවල් ගැන වචනයක්වත් කියන්නේ නැහැ වගේ. ගිය පාර කියපුවා වමාරන්න උනානේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site