IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඊජිප්තුව සීමා ලිහිල් කරයි

නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා රැසක් ලිහිල් කිරීමට ඊජිප්තුව පියවර ගෙන ඇත.

කෙසේ නමුත් ඊජිප්තුවෙන් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන වැඩි වෙමින් තිබේ.

අද (27) දිනයේදී ඊජිප්තුවේ අවන්හල්, සමාජශාලා, කායවර්ධන මධ්‍යස්ථාන සහ රංගශාලා විවෘත කෙරිණි. මුස්ලිම් හා කතෝලික දේවස්ථාන ද අද දිනයේදී විවෘත කෙරුණු අතර රාත්‍රී කාලයට පනවා තිබූ ඇඳිරි නීතියද ඉවත් කෙරුණි.

අවන්හල් විවෘත කිරීමට අවසර දුන්නද ඒවාට ඇතුළත් කර ගත හැක්කේ ඒවායේ සමස්ත ආසන ප්‍රමාණයෙන් 25%ක් පමණි.

දේවස්ථාන විවෘත කළ ද සතියකට වරක් පවත්වන දේව මෙහෙය පැවැත්විය නොහැක. එම දේව මෙහෙයවලට සාමාන්‍යයෙන් අති විශාල පිරිසක් පැමිණෙති.

මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා දේව මෙහෙය සහ කතෝලික දේවස්ථානවල ඉරිදා දේව මෙහෙය තහනම් කිරීමටද ආණ්ඩුව පියවර ගෙන ඇත.

ඊජිප්තුවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 62,755ක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 2,620කි.

ද ගාඩියන් / ඒ.එෆ්.පී
- 055



අදහස් (0)

ඊජිප්තුව සීමා ලිහිල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 358 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site