IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ට්‍රම්ප්-කිම් ජොන්ග් හමුව වෙනුවෙන් සමරු කාසියක්

වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන්ගේ හමුව නිමිත්තෙන් ධවල මන්දිර සන්නිවේදන ආයතනය සමරු කාසියක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඇමෙරිකාව උතුරු කොරියාව යන රටවල නිල නාමයන්, නායකයන් දෙදෙනාගේ නම් සහ ඔවුන් දෙදෙනාගේ ඡායාරූප මෙන්ම ‘සාම කතා’ යන වචන කාසියෙන් නිරූපණය වේ. එමෙන්ම රටවල් දෙකේ ජාතික ධජ ද නිරූපණය කර තිබේ. 

ඇමෙරිකා ජනාධිපතිවරයා නම ‘ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්’ යනුවෙන් ද උතුරු කොරියානු නායකයාගේ නම ‘උත්තරීතර නායක කිම් ජොන්ග් උන්’ යනුවෙන් ද මෙම විශේෂ සමරු කාසියේ සඳහන්ව තිබේ. 

ධවල මන්දිර සන්නිවේදන ආයතනය මේ අයුරින් විදෙස් අමුත්තන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ හමුදා සාමාජිකයන් නිරූපණය කරමින් සමරු කාසි නිකුත් කරයි. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සහ උතුරු කොරියානු නායකයාගේ හමුව වෙනුවෙන් නිකුත් කළ මෙම සමරු කාසිය ‘ධවල මන්දිර ත්‍යාග කාර්යාලයෙන්’ මිලදී ගත හැකි බව ද ධවල මන්දිර සන්නිවේදන ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියා නායකයා අතර හමුව ලබන මස 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතය. 

055



අදහස් (0)

ට්‍රම්ප්-කිම් ජොන්ග් හමුව වෙනුවෙන් සමරු කාසියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site