බීරූට්/අම්මාන් (රොයිටර්*
ඊශ‍්‍රායල ගුවන් හමුදාවේ ප‍්‍රහාරක යානා, ඊයේ (31) අලූයම සිරියානු ගුවන් සීමාවට අනවරසරයෙන් ඇතුළු වී, සිරියානු හමුදාවට අයත් රථ පෙළකට බෝම්බ දමා විනාශ කළේය.
ඊශ‍්‍රායල ප‍්‍රහාරක ජෙට් යානා දෙකක් එම රථ පෙළ ඉලක්ක කර ගනිමින් බෝම්බ හෙලූවේ ඊශ‍්‍රායල/ලෙබනන් දේශසීමාව අසලදීය.
ප‍්‍රහාරයට හසුවී විනාශ වෙද්දී රථ පෙළ සිරියා හමුදාවට අයත් ජමාරායා නමැති පර්යේෂණ ආයතනයෙන් පිටවී යමින් තිබුණු බව විදෙස් පුවත් සේවා පවසයි.
ඊශ‍්‍රායල රජය සහ හමුදාව පැවැසුවේ සිරියා හමුදාව ඊශ‍්‍රායලයේ සතුරන් වන හිස්බුල්ලා සටන්කාමීන්ට ආයුද රැගෙන යෑමට උත්සහ කළ බවත්, එම ආයුධ ප‍්‍රවාහන රථ පෙළට තමන් පහර දුන් බවත්ය.
හිස්බුල්ලා සටන්කාමීන්ට ආයුධ ගෙනයන බව තමන්ට දැනගන්න ලැබුණේ කෙසේදැයි යන්න ඊශ‍්‍රායල රජය හෝ හමුදාව හෝ කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැත.
හිස්බුල්ලා සංවිධානය ඉරානයේ මිතුරෙකි. සිරියාවේ සිවිල් යුද්ධයේදී හිස්බුල්ලා සංවිධානයත් ඉරානයත් සිරියානු රජයට සහාය දෙයි. ඊට අමතරව ලෝක බලවතුන් දෙදෙනකු වන රුසියාවේත් චීනයේත් සහාය සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට හිමිවෙයි.
ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය ප‍්‍රමුඛ බටහිර බලවතුන්ගේ සහාය හිමි වන්නේ රජය සමඟ සටන් කරන කැරැලිකරුවන්ට සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය. ඒ අනුව සිරියා අර්බුදය හේතුවෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙඳී සිටින අතර ඊශ‍්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප‍්‍රහාරය තෙවැනි ලෝක මහා සංග‍්‍රාමයක පෙර නිමිත්ත වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඇතැම් දේශපාලන සහ යුද විශ්ලේෂකයෝ බිය පළ කරති.
2025 දෙසැම්බර් මස 30
57
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
721
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
343
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සිරියානු හමුදා රථ පෙළකට ඊශ‍්‍රායලයෙන් ප‍්‍රහාරයක්