IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


මියන්මාර රාජ්‍ය මාධ්‍යවලින් විපක්ෂ නායිකා සූ කීට පැසසුම්

මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී එරට නව සිවිල් රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ඉතා ප‍්‍රසංශනීය බවත් එය මියන්මාරයට අලූත් බලාපොරොත්තුවක් උදා කර දී ඇති බවත් එරට රාජ්‍ය මාධ්‍ය පෙන්වා දෙයි. රාජ්‍ය මාධ්‍ය මේ අයුරින් සූ කීට ප‍්‍රසංශා කළේ ඇය මියන්මාර රජයේ මන්තී‍්‍රවරියක මෙන්ම විපක්ෂ නායිකාව ද ලෙස පසුගිය දා තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ආසියා ආර්ථික සමුළුව නියෝජනය කර යළි පැමිණීමෙන් පසුවය. සූ කී පසුගිය සතියේ තායිලන්තයට ගියේ වසර 24 කට පසු විදේශ සංචාරයකට එක් වෙමිනි. මියන්මාර සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැුසක් හඳුන්වා දී ඒවා කි‍්‍රයාවට නංවා තිබේ. එම ප‍්‍රතිසංස්කරණ නිසි ලෙස කි‍්‍රයාත්මක වන්නේ ද නැද්ද යන්න ලොවට පෙන්වීමේ ප‍්‍රධාන මාර්ගය වන්නේ සූ කීට ලැබී ඇති නිදහසයි. ඇය ලබන 25 වැනිදා ප‍්‍රංශ රජයේ ආරාධනාවකට අනුව පැරිස් නුවරට යෑමට ද නියමිතව සිටින්නීය. සූ කී සහ ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ද මියන්මාර සිවිල් රජය නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ අගය කරමින් ඊට සහාය දීමට කැමැත්ත පළ කළේ පසුගිය අපේ‍්‍රල් මාසයේ පැවැති අතුරු මැතිවරණයෙන් පසුවය. සූ කී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක ලෙස තේරී පත් වී පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නේ ද ඉන් පසුවය. මියන්මාර සිවිල් රජයේ ජනපති ත්වෙන් ස්වෙන් සහ සූ කී අතර හොඳ අවබෝධයක් ඇති බවත් දෙදෙනා හොඳ සහයෝගයෙන් කටයුතු කරන බවත් මියන්මාර රජයේ මාධ්‍ය වැඩි දුරටත් කියා සිටී.



අදහස් (0)

මියන්මාර රාජ්‍ය මාධ්‍යවලින් විපක්ෂ නායිකා සූ කීට පැසසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 174 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site