IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවට එ.ජා. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ගන්න රුසියාවේ සහාය

ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං පෙරේදා (17) රුසියාවට පැමිණි අවස්ථාවේදී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමට ඉන්දියාව දරන ප‍්‍රයත්නයට තම පූර්ණ සහාය ලබා දෙන බව රුසියා ජනාධිපති දිමිති‍්‍ර මෙඞ්වදේව් පොරොන්දු වූයේය. අගමැති සිංගේ එම රුසියා සංචාරය ඉන්දියාවටත් රුසියාවටත් ඉතා හොඳ ප‍්‍රතිපල රැුසක් අත්කර දුන් බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමට ඉන්දියාව කලක සිට උත්සහ දරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් පහළොස් දෙනකු සිටින අතර ඔවුන් අතරින් නිත්‍ය සාමාජිකයන් වන්නේ ඇමෙරිකාව, රුසියාව, චීනය, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යයයි. ඉන්දියාව පමණක් නොව ආරක්ෂක මණ්ඩලයේ සෙසු රටවල් දහය ද නිත්‍ය සාමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටියි. නිෂේධ බලය හිමි වන්නේ නිත්‍ය සාමාජිකයන්ට පමණි. ඉන්දියාවට නිත්‍ය සාමාජිකත්වය හිමිවීම මුළු මහත් ආසියා කලාපයටම ඉතා වැදගත් වනු ඇතැයි රුසියා ජනාධිපති දිමිත‍්‍රි මෙඞ්වදේව් පවසයි.



අදහස් (0)

ඉන්දියාවට එ.ජා. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ගන්න රුසියාවේ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1296 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1237 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 449 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site