IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇමෙරිකාවේ රහස් හෙළි කළ ‘විකිලීක්ස්’ වෙබ් ජාලයට සයිබර් ප‍්‍රහාරයක්

ඇමෙරිකා රාජ්‍ය රහස් ලොවට හෙළි කළ ජුලියන් ඇසෙන්ජ්ගේ ‘විකිලීක්ස්’ වෙබ් ජාලය පෙරේදා (31) සයිබර් ප‍්‍රහාරයකින් අඩපණ විය. පරිගණක ආධාරයෙන් අන්තර් ජාලය හරහා ‘විකිලීක්ස්’ වෙබ් ජාලයට එල්ල වූ එම සයිබර් ප‍්‍රහාරයෙන් වෙබ් ජාලයේ සියලූ කටයුතු ඇණහිට ඇති අතර එය කඩිනමින් යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකිවනු ඇතැයි විකිලීක්ස් ආයතනයේ පරිගණක විශේෂඥයෝ පවසති. විකිලීක්ස් වෙබ් අඩවිය සහ එහි නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ්, ඇමෙරිකා රජයේ උදහසට ලක් වූයේ ඇමෙරිකා රාජ්‍ය සහ හමුදා රහස් අන්තර් ජාලය හරහා ප‍්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුවය. ඉකුත් වසරේ පමණක් දින දෙකක් ඇතුළතදී විකිලීක්ස් හරහා ප‍්‍රසිද්ධියට පත් වූ රාජ්‍ය වාර්තා ගණන 250,000 කට වැඩිය. විකිලීක්ස් ආයතනය පවසන්නේ පෙරේදා එල්ල වූ එම සයිබර් ප‍්‍රහාරය පසුපස ඇමෙරිකා රජය සිටින බවය. ලෝකයේ අවධානය ලිබියාව සහ මැදපෙරදිග අර්බුද වෙත යොමුව තිබෙන අවස්ථාවක හොරෙ රහසේ විකිලීක්ස් වෙබ් අඩවිය අඩපණ කිරීමේ මෙහෙයුමක් ඇමෙරිකානුවන් ආරම්භ කර ඇතැයි ලන්ඩන් නුවර මූලස්ථානය කොට ගත් විකිලීක්ස් වෙබ් ජාලයේ ප‍්‍රකාශකයෙක් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.



අදහස් (0)

ඇමෙරිකාවේ රහස් හෙළි කළ ‘විකිලීක්ස්’ වෙබ් ජාලයට සයිබර් ප‍්‍රහාරයක්

කැඵම් Wednesday, 07 September 2011 10:22 AM

විකිලික්ස් වෙබ් අඩවියට හරිම බය වගේ පේනවි

:       0       0

ලංකා Saturday, 03 September 2011 09:16 AM

‍කොහොමත් අමෙරිකාව තමන්ගේ ලැජ්ජාව වහගන්නේ හැමදාම අනුන්ට රිදවලා ම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site