ඊශ්‍රායලයේ හිටපු ජනපති ෂිමොන් පෙරෙස් මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
සති දෙකකට පෙර ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි පෙරෙස් මිය යන විට 93 වැනි වියේ පසුවිය.
ෂිමොන් පෙරෙස් ඊශ්‍රායලය හා පලස්තිනය අතර සාමය ගොඩනැංවීම සඳහා කළ කාර්යභාරය වෙනුවෙන් 1994 දී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබීය.
පලස්තීනය ළඟම අසල්වැසියන් බවත් ඔවුන් ළඟම මිතුරන් කරගත යුතු බවත් පෙරෙස්ගේ අදහස විය.
ටෙල්අවිව් හි රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු ජනපතිවරයා මියගිය අතර ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරන වත්මන් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරනුයේ ෂිමොන් පෙරෙස්ගේ වියෝව පිළිබඳව ජාතියක් ලෙස කනගාටු වන බවයි.

COMMENTS
අවුරුදු ගණන් දුක් විඳිමින් සිටි අයට... ආදර දයා කරුණා පිරිහුනු ලොවට... සාමයෙ මඟ පෙන්වාදුන් අප සැමට... දක්වමු කෙසේ අප හද ණය ඔබතුමට... (නි)
ලෝකයට ඉපදුන ඉතාම වටිනා මිනිසෙක්. (අ)