IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්දියාවේ ‘අග්නි 5’ මිසයිලය අත්හදා බැලීම් සාර්ථකයි

ආසියාවේ  ඕනෑම රටකට පහර දිය හැකි අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට ඉන්දියාව ඊයේ (19) සමත් විය. ‘අග්නි 5’ යනුවෙන් නම් කළ එම දිගු දුර මිසයිලයේ අත්හදා බැලීම් සිදු කිරීමට නියමිතව තිබුණේ පෙරේදා (18) ය. එහෙත් අයහපත් කාලගුණය ඊට හරස් විය. ඒ අනුව ඊයේ උදෑසන ඔරිස්සා ප‍්‍රාන්තයට අයත්, වීලර් දිවයිනේදී මිසයිලය අත්හදා බැලූ බවත් එය ඉතා සාර්ථක වූ බවත් ඉන්දීය ආරක්ෂක අමත්‍යාංශය පවසයි. මිසයිලයේ සාර්ථකත්වය ගැන ඉන්දීය අගමැති මන්මෝහන් සිං ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සංවර්ධන ආයතනයට ප‍්‍රශංසා කර ඇත. ‘අග්නි 5’ මිසයිලය නිර්මාණය කළේ එම ආයතනයයි. මිසයිලය අත්හදා බැලීමෙන් පසු ඉන්දීය ආරක්ෂක ඇමැති ඒ.කේ. ඇන්තනී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ‘අග්නි 5’ මිසයිලයේ සාර්ථකත්වය ඉන්දීය මිසයිල වැඩසටහනේ සන්ධිස්ථානයක් බවය. මීට පෙර නිර්මාණය කළ අග්නි මිසයිල මෙන් නොව ‘අග්නි 5’ මිසයිලයට න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන කිලෝ මීටර් 5,000 කට වැඩි දුරක් යා හැකිය. එහි බර ටොන් 50 කි. ‘අග්නි 5’ මිසයිලය අත්හදා බලන බව ඉන්දියාව ප‍්‍රකාශ කළ අවස්ථාවේදී ඒ ගැන වඩාත් උන්නදුවක් දැක්වූයේ අසල්වැසි චීනයයි. පාකිස්තානයද මිසයිල අත්හදා බැලීම ගැන විමසිලිමත් වූ බව මාධ්‍ය වාර්තා සඳහන් කළේය. මේ අයුරින් එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිල ඇත්තේ චීනය, ඇමෙරිකාව, ප‍්‍රංශය, රුසියාව, මහා බි‍්‍රතාන්‍යය සහ ඊශ‍්‍රායලයට පමණි.



අදහස් (0)

ඉන්දියාවේ ‘අග්නි 5’ මිසයිලය අත්හදා බැලීම් සාර්ථකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site