ඉන්දු පාකිස්තාන දේශසීමාවේ ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේදී පාකිස්තාන සෙබළුන් අතින් ඉන්දීය සෙබළුන් පස් දෙනකු ඝාතනය වීමේ සිද්ධියට විරෝධය පළ කරමින්, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඊයේ (8) විරෝධතා රැලියක් පැවැත්විණි.
විරෝධතා රැලියට දහසකට ආසන්න පිරිසක් එක් වී සිටියහ. ඔවුන් උත්සහ කළේ මහ කොමසාරිස් කාර්යාලයට කඩා වැදීමටය. නවදිල්ලි පොලිසිය එල්ල කළ ජල ප‍්‍රහාර හමුවේ විරෝධතාකරුවෝ පසුබා ගියහ.
ඉන්දීය සෙබළුන් පස්දෙනා මිය ගියේ ඉකුත් 6 වැනිදාය. ඉන්දීය හමුදා සෙබළුන් චෝදනා කර ඇත්තේ පාකිස්තාන සෙබළුන් ඉන්දීය පාලන ප‍්‍රදේශයට ඇතුළු වී, ඉන්දීය සෙබළුන්ට වෙඩි තැබූ බවය. ප‍්‍රහාරයට ලක් වී මිය ගියේ මුර සංචාරයේ යෙදී සිටි ඉන්දීය සෙබළුන් කණ්ඩායමකි.
පාකිස්තාන රජයත් එරට හමුදාවත් ඉන්දීය හමුදා සෙබළුන් එල්ල කරන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරයි. වෙඩි තැබීම සැලවූ සැණින් පාකිස්තාන රජය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම සෙබළුන් කිසිවකු ඉන්දීය සෙබළුන්ට වෙඩි ප‍්‍රහාරයක් එල්ල නොකළ බවය.
වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ඉන්දීය හමුදාපති සහ පාකිස්තාන හමුදාපති අතර පෙරේදා (7) විශේෂ සාකච්ඡුාවක් ද පැවැත්විණි. ඉන්දීය රජයත් පාකිස්තාන රජයත් මේ වනවිට එම සිද්ධිය ගැන පරීක්ෂණ කඩිණමින් ආරම්භ කර ඇති බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් වතාවේ වගේ හමුදාපතිවරු දෙන්නට මේ ප්‍රශ්නය විසඳා ගන්න ලැබේවා. ලොකු මිනිස්සු ගහ ගන්නකොට විසිවෙන ගල් කැලි අපේ ඇඟට වැටෙන්න පුළුවන්. (නදී)
මානව හිමි කම් ආරක්ෂා කරලා තියෙන්නේ ඔය ලස්සනට. (ස)