වොන්ඩා, කොන්ගෝ රාජ්‍යයේ ජේන් ගූඩොල් නම් චිම්පන්සි පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි ගැහැණු චිම්පන්සියෙකි. ඉතා දරුණු රෝග කිහිපයකින් හා වේගයෙන් බර අඩු වීමෙන් මරණාසන්න වී සිටි වොන්ඩා එහි රැගෙන ආවේ 2012 වර්ෂයේ ය.
එහි පැමිණි දා සිට උදෑසන දුන් කිරි වීදුරුව හා හෙදීයන්ගේ කරුණාවන්ත සාත්තු කිරීම් වලින් රෝග සුව කිරීමෙන් අනතුරුව වොන්ඩාගේ සෞඛ්‍ය තත්වය යථා තත්ත්වයට පත් විය.
පසුව වොන්ඩා නැවතත් වනයට මුදා හැරීමට පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ ප‍්‍රධාන වෛද්‍යවරිය වන ජේන් ගූඩොල් කටයුතු කළාය.
ඒ අනුව වොන්ඩා ලී පෙට්ටියක දමා තවත් පිරිසක් සමග ගඟකින් වටවූ කැලයකට රැගෙන ගියේය. ලී පෙටිටයේ දොර ඇරිණි. තරමක චකිතයකින් එළියට පැමිණි වොන්ඩා තමා වටා සිටින අය දෙස බලමින් පෙට්ටිය උඩට නැගීය. අවට සිටි අයගේ පවා දෑස් කඳුලින් තෙත් කරමින් කිසිත් නොහිතා එක්වරම වෛද්‍ය ගූඩොල් වැළඳ ගත්තීය. තමාට කළ උපකාරවලට ස්තූතිය පුද කළා වැනි වැළඳ ගැනීමෙන් අනතුරුව ඉන් මිදී වොන්ඩා ඇගේ අලුත් නවාතැන දෙසට ගියේය.
තමා මෙම පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ආරම්භ කර වසර 20ක් පමණ වන අතර චිම්පන්සියන් විශාල ප‍්‍රමාණයක් ඉන් සමුගෙන ගොස් ඇති නමුත් මෙතෙක් ලැබුණු කරුණාවන්තම, ආදරණීයම සමු ගැනීම වොන්ඩාගේ සමු ගැනීම බව වෛද්‍ය ගූඩෝල් පැවසීය.
COMMENTS
මගේ දෑස ට කඳුලක් අවා (අ)
ඇත්තටම විශ්මය ජනක දුර්ලභ අවස්ථාවක්. මෙය මහත් ආදර්ශයක්.(දිල්)
අනේ මිනිස්සුන්ට වැඩ කොච්චර හොදද හිතෙනවා (දිල්)
මිනිස්සුන්ට ආදර්ශමත් ක්‍රියාවක් ,අපි මිනිසුන් වුණත් ක්‍රියකරන්නය් සතුන් වගේ නිසා,මිනිසා තරම් නොදියුනු සිවුපාවෙකුගෙන් මෙවැනි පාඩමක් ඉගෙනගැනීම අපි මනුෂ්‍යය සංහතියේ කටත් හොදපාඩමක් (අ)
ඇත්තටම දුක හිතෙනවා (අ)
මිනිසුන් ලග නැති හොද ගතිගුණ සමහර සිව්පාවන් ලග තියෙනවා..!!! මේ ඉන් එකක් පමණයි..,(අ)