තායිලන්තයේ චිආයි නගරයේ පසුගියදා වීදි සංචාරය කළ අවමංගල්‍ය රථ පෙළක් සියලූ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය.
රථ පෙළට එක්ව සිටි ජීප් රථ මත නාටිකාංගනාවෝ නැගී සිටියහ.මහ හඩින් වාදනය කැරුනු ගීත වලට ඔවුහු රැගුම් ඉදිරිපත් කළහ.මේ හමුවේ එම අවස්ථාව අවමංගල්‍යයකට වඩා මංගල්‍යයකට සමවිය.
චිආයි නුවර වාසය කර මියගිය ප‍්‍රකට ප‍්‍රාදේශීය දේශපාලඥයකුට අවසන් ගෞරව දැක්වීම සදහා මෙම රථ පෙළ වීදි සංචාරයේ යෙදුනු අතර, එම දේශපාලඥයාගේ දේහය රැගත් රථයද මෙම රථ අතර විය.
එම දේශපාලඥයාගේ පවුලේ හිතවතුන් සදහන් කළේ විනෝදයෙන් ජීවිතය ගතකළ ඔහුට ජීවිතයෙන් නික්මයාම විනෝදයෙන්ම සිදුකිරීමට ඉඩ දීම තම අරමුණ වූ බවයි.
මේ සම්බන්ධයෙන් නගර වැසියෝද ප‍්‍රසාද මුඛයෙන් අදහස් පළකළ අතර, ලෝකයෙන් නික්මයා යුත්තේ මේ අයුරින් යයි බොහෝ දෙනෙක් කීහ.
කෙසේවුවත් නාටිකාංගනා රැගුම්, සංගීතය ආදියෙන් අවමංගල්‍ය අවස්ථාවක් විචිත‍්‍ර කිරීම තායිලන්තයේ ඇතැම් සමාජ කොටස් අතර අලූත් දෙයක් නොවේ.මෙලොවින් නික්ම යන ආත්ම සතුටට පත් කිරීම සදහා මෙවැනි දේ සිදුකිරීම අවශ්‍ය බව එම ජන කොටස් විශ්වාස කරන්නේය.

COMMENTS
කාන්තාවන් සියදෙනෙකු සමග යහන්ගතවීම සමරන්න පාටි දමාපු ලංකාවේ ප්‍රාදේශීය දේශපාලකයනුත් හිටියනේ. (නි)
දේශපාලකතුමා මැරුණු ජොලියට වෙන්න ඇති. මේක අපේ රටටත් හොඳ ආදර්ශයක් (නි)
අපේ දේශ පාලඥයෝ මරුනහමත් මේ නැටුම් කණ්ඩායම ගෙන්නන්න බැරිවෙයිද?(අ)
අන්න මල්ලි කරනවා නම් වැඩ! (නි)
නෑ අපේ දේශපාලුවෝ ඉන්නකම් නාටිකාන්ගනාවියන් එක්කම නේ ඉන්නේ, ඒ නිසා අපේ අය මැරුනම අලුතෙන් ඕක කරන්න ඕන නේ,එයාලගෙ පවුල් වල අයට ගල් ගහල මරණ විදියක් හොයමු,නැත් නම් මෙයාලගෙ ඊලග පරම්පරාවත් රට කන එක නවත්තන්නේ නැති නිසා (අ)