IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ට්‍රම්ප්ගේ කාලේ හොඳ නෑ - චීන ෆෙංෂුයි විශාරදයෝ කියති

මේ වසරේ (2019) දෙසැම්බර් 6 වැනිදා සිට ලබන වසරේ (2020) ජනවාරි 6 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එමින් ඔහු බලයෙන් ඉවත් කළ හැකි යැයි චීන ෆෙංෂුයි විශාරදයෝ අනාවැකි පළ කරති. 

චීන නව අවුරුද්ද ලබන සතියට යෙදී තිබෙන අතර චීන රාශී චක්‍රයට අනුව මේ වසර ඌරගේ වර්ෂය යනුවෙන් නම් කර ඇත. ඒ අනුව මේ වසරේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අතීත රහස් එළිදරවු වනු ඇතැයි ද ඔවුහු පවසති.

චීනයේ ෆෙංෂුයි විශ්වාසවලට අනුව එක් එක් අවුරුදු එක් එක් සතුන්ගේ වර්ෂ යනුවෙන් නම් කරයි. සතුන් 12 දෙනකු ඒ සඳහා වෙන් කර තිබෙන අතර සංඛ්‍යා අනුව සහ චන්ද්‍ර මාස ක්‍රමය විවිධ වර්ෂ ඒ සතුන්ගේ වර්ෂ ලෙස නම් කරයි.

මේ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් උපත ලබා ඇත්තේ ‘බල්ලාගේ වසර’ යනුවෙන් නම් කරන ලද වසරකදීය. එවැනි වසරක උපත ලබන අයට ‘ඌරාගේ වසර’ හිතකර නොවන බවත් බල්ලා වෙනුවෙන් වෙන් කරන ලද වසරකදී උපත ලබන අය අතීතයේ දී කරන ලද වැරැදි සහ ඔවුන්ගේ රහස් ඌරන්ගේ වසරවලදී එළිදරවු වන බවත් චීනයේ ෆෙංෂුයි විශාරදයෝ පෙන්වාදෙති. 

චීන අලුත් අවුරුද්ද චන්ද්‍ර මාස ක්‍රමය පදනම් කරගත් එකකි. 

චීනයේ ෆෙංෂුයි විශාරදයන්ට අනුව මේ වසර ලෝක නායකයන්ට හිතකර නොවන අතර ලෝක නායකයන් අතර බෙදීම් ඇති විය හැකි බවත් ලෝක දේශපාලනයේ කැළැඹීම් ඇති විය හැකි බවත් ඔවුහු අනාවැකි පළ කරති. 

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මේ වසර තුළදී අර්බුද රැසකට මුහුණ දෙනු ඇති බවත් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදීන් කාලය ගනිමින් සහ පරෙස්සමින් කටයුතු කළ යුතු බවත් චීන ෆෙංෂුයි විශාරදයෝ පවසති.

ඒ.එෆ්.පී. ඇසුරිනි

055



අදහස් (2)

ට්‍රම්ප්ගේ කාලේ හොඳ නෑ - චීන ෆෙංෂුයි විශාරදයෝ කියති

රවින් Friday, 01 February 2019 05:01 AM

කරන කියන වැඩ වලින්ම පෙනෙනවා උපන් වර්ෂය හා තියන සබැඳියාව .

:       0       0

Perakum Friday, 01 February 2019 07:06 AM

සාමාන්‍ය දැනුම තියන ඕන කෙනෙකුට කියන්න පුළුවන් අනාවැකියක් මේක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site