මාලදිවයිනේ හිටපු ජනපති හා වත්මන් විපක්ෂ නායක මොහොමඞ් නෂීඞ් ඊයේ (5) දහවල් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
නෂීඞ්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය කියා සිටියේ අධිකරණය මඟ හැරීමේ වරදට පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් බවය. ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් බළඇණි දෙකක් පැමිණි බව ද වාර්තා වේ.
නෂීඞ් මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත මාලදිවයින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටී. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වැඩිදුරටත් කියා සිටින්නේ ඔහු ජනපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමට වත්මන් මාලදිවයින රජය කටයුතු කරන බවය.
නෂීඞ් ජනපති ධුරයේ සිටිද්දී බලතල අයථා ලෙස පාවිච්චි කළේ යැයි චෝදනා ලැබ සිටින අතර ඒ සම්බන්ධයෙන් නඩු විභාගය ද පැවැත්වේ.
අවස්ථා කිහිපයකදී නෂීඞ් එම නඩු විභාග සඳහා පෙනී නොසිට අධිකරණය මඟ හැරියේය. පසුගිය 13 වැනිදා ද ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරුණි.
එම අවස්ථාවේදී ඔහු මාලේ අගනුවර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සැඟවුණු ඔහුට ඉන්දීය රජයේ සහාය සහ ආරක්ෂාව හිමිවිය.
ඔහු දින කිහිපයක් මහ කොමසාරිස් කාර්යාලයේ රැඳී සිට පිටවී ගියේය. එම අවස්ථාවේදී නෂීඞ්ට සහාය දුන්නැයි මාලදිවයින රජය ඉන්දියාවට දොස් පැවැරීය.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
783
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඞ් නෂීඞ් අත්අඩංගුවට
වසන්ත Wednesday, 06 March 2013 07:24 PM
නීතියෙන් කිසිදා සැගවිය නොහැක. (නි)